තමිල්නාඩු ප්‍රාන්තය පුරා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් සිව් දෙනෙකු ඇතුළු ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය පොලීසියේ රේගු වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි චෙන්නායි හි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ලාංකික ධීවරයින් ඇතුළු පිරිස සමඟ ඔවුන් සතුව තිබූ ඉන්දීය රුපියල් කෝටි 6 ක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ හයක්ද ද එම පොලිස් බලධාරීන් බාරයට ගෙන ඇතැයි එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.
අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවරයින් සිව්දෙනාට අමතරව සෙසු ධීවරයින් තිදෙනා තමිල්නාඩු ධීවරයෝ වෙති. ලාංකික ධීවරයින් ගේ නම් ගම් ,ඔවුන් කිනම් ප්‍රෙද්ශයක සිට පැමිණි අයවලුන් ද යන්න ගැන තොරතුරු කිසිවක් හෙළිදරව්වී නැති බවද චෙන්නායි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කාලේ අපේ රටට සීනි කන්ටේනර් වල ගෙනාපුවද දන්නේ නැහැ. (නි)
මෙච්චර මත්ද්‍රව්‍ය පාචිච්චි කරනවද මිනිස්සු? (නි)