මෙරට යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූවායැයි කියන යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිඹඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාගේ වාර්තාවෙන් ලබාදී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකා රජයට බලකරන්නැයි කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර ඇත.
මෙලෙස මානව හිමිකම් කවුන්සිලයේ ඉල්ලීමක් කර ඇත්තේ ලන්ඩන් නුවර මූලික කරගත් ගෝලීය දෙමළ සංසදය හා බ්‍රිතාන්‍යය දෙමළ සංසදය යන සංවිධානයන්ය.
එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රීලංකා රජයට බල කරන යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල සහයෝගයෙන් සම්මත කරගන්නා ලෙසද එම සංවිධාන කියා සිටී.
විශේෂයෙන්ම මානව හිමිකම් මහකොමසාරිස් වාර්තාවෙන් පෙන්වා දී ඇති අතුරුදන් කිරීම්,වද හිංසා පැමිණවීම් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිඹඳ සිද්ධි වලට වැඩියෙන් මුහුණපා ඇත්තේ උතුරේ අහිංසක දෙමළ වැසියන් මෙයින් එම අපරාධ වලට වගකිවයුත්තන්ට දඩුවම් ලබාදිය යුතු බවද ඔවුන් කියයි.
ශ්‍රීලංකාවේ සිදුවී යැයි කියන මානව හිමිකම් කඩවීම් සොයාබැලීමට විශේෂ දෙමුහුන් (හයිබ්‍රිඩ්) අධිකරණයක් මෙරට ස්ථාපිත කළ යුතු බවට මානව හිමිකම් කොමසාරිස්වරයා කළ නිර්දේශය තමන් ඉහළින්ම පිළිගන්නා බවද ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට ගැන කතාකරන්න පිරට එවුන්ට අයිතියක් නෑ. මේක ඉස්සර ඉඳලම ස්වාධීන මාතෘභූමියක් .ඔය එල්ටිටිකාරයෝ අායෙත් ගොඩඑන්න හදන්නේ මේ අහිංසක දෙමල සහෝදරයෝ අන්දලා ...මෙහෙ ඉන්න බූරුවෝ තාම ඒක තේරෙන්නේ නැනේ ඇත්තට ...මේරට කැලි කරන්න කාටවත් බෑ කියල දැනගෙන ඩයස්පොරාකරයන්ට සහයෝගේ දෙන්න යනවා මෝඩයෝ ......මේ මවුබිමේ බුදුරජාණන්වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නකන් සිංහලයන්ගෙන් තොර කරන්න බෑ කාටවත් ...ඒක අනිත් අය දැනගත් යුතුයි ..සිංහලය කියන්නේ අනිත් ජාතීන්ට වෛර කරන ජාතියක් නෙමේ එ්ත් හොඳට හොඳයි නරකෙට සිංහලයත් එක්ක දෙවීයොත් ඉන්නවා...මිත්‍යාදෘෂ්ටිකයෝ එ්කත් දැනගනිල්ලා. අපි මනුස්සකමට නිගරු කරන්නේ නෑ .අහිංසක මිනිස්සුන්ට බොන්න තිබ්බ වතුර ටික වහන්නෙත් නෑ....වහන්න දෙන්නෙත් නෑ. (බ)
අනේ තව කතාවක් දැන් හැම කෙන්ගෙඩියකටම හයිබ්‍රිඩ් කියල ගූත වචනයක් හොයාගෙන ...අපිට හයිබ්‍රිඩ් නෙමේ මොනබ්‍රිඩ්වත් එපා ඔය සුද්දන්ගේ ...උන් හෙට අනිද්දා කියයි අපිට දරුවොත් හයිබ්‍රිඩ් කරපල්ලා කියල .ඕක ඕනෑම නෑ.අපේ ශ්‍රේෂ්ඨාධිකරණය අපිට වටිනවා ඒක හැල්ලු කරන්න දෙන්න එපා අතිගරු ජනාධිපතිතුමනි අපිට ඉන්නේ ඔබතුම විතරයි (බ)
ජිනිවා වාර්තාවේ සැර අඩු වුනා කියලා අාණ්ඩුව කිව්වට වෙච්ච දෙයක් නෑ වගේ මෙයාලටත් ඕන මහින්ද යි රණවිරුවොයි පාවලා දෙන්න (බ)
අපේ රට ගැන අපි බලාගන්නම්.ජාතිවාදය ඇතිකරමින් රට විනාශයට ගෙනයාමට අපි කිසිවිටෙකත් ඉඩ නොතබමු. ජීවිත පුජාවෙන් අනාගතයට සිංහල ජාතියට රට රැකදීමට අපි සුදානම් (නි)
මහින්ද ව පාවා දීලා හරි කමක් නැහැ රණවිරුවෝ ටික යි රට යි බෙර ලා දුන්න නම්. මේ යන විදියට රට යි රණ විරුවෝ යි ඔක්කොම නැති වෙන්නයි යන්නේ .(අ)
පතිරණ මහත්මා වැනි අය පාර්ලිමේන්තුවේ හරි අඩක් හෝ සිටියා නම් සිංහල අපි කෙතරම් වාසනාවන්තද? (නි)