හොලිවුඩ් නිළියකට හොලිවුඩ් වෘත්තිය යනු කවුරුත් නොදන්නා අසීරු පැතිකඩක් ඇති අංශයක් බවත්, ඇතැම් අවස්ථාවන්හිදී තම පවුල වෙනුවෙන් පසුබෑමට සිදුවන බවත් ජනප්‍රිය නිළි කේට් හඩ්සන් පවසන්නීය. විශේෂයෙන්ම දරුවන් වෙනුවෙන් එවැනි කැප කිරීමක් කිරීමට හැකිවීම ගැන තමන් සතුටු වන බව කියන කේට් හඩ්සන් තමන් තම ජීවිතය සාර්ථක කරගනු වස් තමන්ගේ ගුරුවරියක වශයෙන් සලකන හොලිවුඩ් නිළි ගෝල්ඩි හෝව්න් හමුවීමට නිතර යන එන බවත් පැවසුවාය. තවමත් තිස් හත් හැවිරිදි වියේ පසුවන ඇය මෙම අදහස් පළ කළේ පසුගිය සතියේ පැවැති කාන්තා සඟරාවකටය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd