තිරුක්කෝවිල් කංචිකුඩිච්චිආරු එල්ටීටීඊ සුසාන භූමියක් අසල තිබී කිලෝ 12ක් පමණ බරැති පරණ පීඩන බිම් බෝම්බයක් සොයා ගත් බව පොලිසිය කියයි.
ප්‍රදේශවාසියකුගෙන් ලද තොරතුරක් අනුව පොලිසිය කළ සොයා බැලීමේ දී එම පැරණි බෝම්බය හමු වී ඇත.
යුද සමයේ යුද ටැංකි විනාශ කිරීමට එල්ටීටීඊ සංවිධානය එම බෝබය සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
අම්පාර මල්වත්ත යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය පැමිණ එය නිෂ්ක්‍රීය කළේය.
අක්කරේපත්තු සහකාර පොලිස් අධිකාරී කේ ඒ එස් කරුණාසිංහ මහතාගේ උපදෙස් පරිදි තිරුක්කෝවිල් වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් එම් පී හේරත්, පොලිස් සැරයන් 44091 උදයරාජ්, පොලිස් කොස්තාපල්වරුන් වන 44426 මේඝරාජ් සහ 83361 ලංකාධිකාර මහත්වරු පරීක්ෂණ පැවැත්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd