(සිරාජ් හසීම් සහ එස්.ප්රදීපන්)
අවසන් යුද සමයේදී මියගිය කොටි සාමාජිකයින් 500කගේ නම් ඇතුළත් පුවරුවක් හා ඔවුන්ගේ වීරත්වය පිළිබිඹු වන මුලතිව් මුල්ලිවයික්කාල්හී ප්රතිමාවක් දින 14ක කාලයක් යනතුරු විවෘත නොකරන්නැයි නියෝග කරමින් මුලතිව් දිසා විනිසුරු එම්.අයි.එම්.සම්සුඩීන් මහතා අද(18) තහනම් නියෝගයක් පැනවීය.
මුල්ලිවයික්කාල් සැමරුම අද පැවති අතර මීට සමගාමීව මෙම ප්රතිමාවද විවෘත කිරීමට සැලසුම් කර තිබිණි. මෙම ප්රතිමාවේ සහ නාම පුවරුවේ මිය ගිය කොටි සාමාජිකයින් නිරූපනය වන බවට මුලතිව් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වූවේය.
පිරිමියකු විසින් තුවාල ලබා සිටින කාන්තාවක දෑතින් ඔසවාගනු ලැබ සිටින ආකාරය දකින කුඩා දරුවා හඬා වැළපෙන අයුරුත් නිරූපනය කරමින් මෙම පිළිරුව නිර්මාණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රස්තවාදීන්ගේ පිළිරූ ඉදිකරන්න දෙන එකම රට ලංකාව වෙන්න ඇති.
අවි ගත්ත කොටියට වඩා අවි නොගත්ත කොටියා ශක්තිමත් වෙලා. බෙදුම්වාදය අලුත්වටයකින් පටන්ගන්න හදන මේ අයව ඒ අයගේ මහා එකා ඉන්න තැනටම යවන්න වෙනවා. දකුණ, සංහිඳියාව කියන මුඛවාඩමෙන් නිහඬ කරලා උතුරේ කොටිසමරන්න දෙන එකනම් කොහෙත්ම අනුමත කරන්න බැහැ. හිටිය එක්කෙනා රණවිරුවන්ගේ ජයග්රහණය මංකොල්ල කාලා ඒකෙන්ම ගොඩයන්න හැදුවා. දැන් ඉන්න අය අපේ රණවිරුවෝ ලබාගත්ත ජයග්රහණය අමු අමුවේ පාවා දිදී ඒකෙන්ම ගොඩයන්න හදනවා. අවසානයේ සැබෑම අසාධාරණය වෙන්නේ ජීවිත පරිත්යාගකල ආබාධිත වුන රණවිරුවන්ට, සහ ඔවුන්ගේ අසරණ පවුල්වලට විතරයි.
මම ඉන්න හරියේ මුස්ලිම් පල්ලිවල දවසට දෙපාරක් දිනපතා යාඥ කරනවා. මට දැන් දැනෙන්නේ මම සුළු ජාතියක කෙනෙක් විදියට. ඇත්තටම මට සැහැල්ලුවක් දැනෙනවා. රකින්න දෙයක් හෝ කරන්න දෙයක් නැති බව අවබෝධ වුන නිසා.
නිමල්ක කීව හරි රකින්න රටක් ජාතියක් ආගමක් නැතිවීගෙන යන අපිට අපේක්ෂාබංග වෙලා හූල්ලනවට වඩා සුලු ජාතියක් විදිහට පැත්තකට වෙලා සද්ද නැතුව ඉන්න එක සැනසීමක් කියල හිතෙනවා
විවෘත කිරීමක් දක්වා මේවගේ ඉදීකිරීමක් කරගෙන යන්නට ඉඩ දුන්නේ මන්ද යන්න ප්රශ්නාර්ථයකි. සුළු ජතීන්ට සැලකීම අගය කරන අතර ත්රස්තවාදය පිළිකුලින් යුතුව හෙළාදැකිය යුතුය. මියගිය පුද්ගලයන් සැමරීමට විරුද්ද විය නොහැක. නමුත් මියගියේ රජයේ හමුදා සමග සටන් කිරීමේදී නම් ඔවුන්ව විරුවන් සේ සම කිරීමට ඉඩදිය නොහැක.