(සිතුම් චතුරංග)
මන්නාරම, පාප්පමොටෙයි ප‍්‍රදේශයේ එල්.ටි.ටි.ඊ ත‍්‍රස්තවාදී විසින් සඟවා තිබූ මෝටාර් උණ්ඩ හා බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් පෙරේදා (23) වවුනියාව කුරුක්කල්පුදුකුලම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
පසුගිය යුද සමයේ එල්.ටි.ටි.ඊ ත‍්‍රස්තවාදීන් විසින් ආරක්ෂක හමුදා ප‍්‍රහාර වළක්වා ගැනීමට සකස් කොට තිබූ ආරක්ෂක වළල්ලක් ආසන්නයේ සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය මෙලෙස සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය මන්නාරම මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක‍්‍රීය අංශය නිලධාරීන් විසින් එම ප‍්‍රදේශයේ ආරක්ෂක ස්ථානයකදී නිශ්ක‍්‍රීය කොට තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දෙමල ජනතාවගේ ඉඩම්,කොටි ඒවා පැත්ත පලාතෙවත් අවේ නැහැ .අපි කොටි දැකලත් නැහැ, කොටින් අපේ ඉඩම් වල ආයුධ හංගලත් නැහැ