ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ අතඅඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින සියලු කොටි සැකකරුවන් පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි ඉල්ලමින් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම උදෙසා වු ජාතික සංවිධානය ලබන බ්‍රහස්පතින්දා මානව හිමිකම් කොමිසම වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍යවරයෙකුව සිටි සමයේ ඔහුව ඝාතනය කිරීමට උත්සහ කලැයි දඬුවම් නියම වී සිටි ජෙනීෆන් පොදු සමාව යටතේ නිදහස්කලා මෙන් සෙසු කොටි සැකකරුවන්ද පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස බල කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කරන බවව එම සංවිධානයේ සභාපති ශක්තිවේල් අරුත්තන්දෙයි මහතා පැවසීය.
කොටි සැකකරුවන් බන්ධනාගාර ගත කර තැබීම තුලින් ඔවුනගේ මානව හිමිකම් කඩවන බවත් හෙතෙම පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමිල, ඒකටත් දවසක් උදාවේවි. වැඩි කලක් නොයා ............ (ම)
කියන්න කෙසේ කීවත් අසන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි.(ම)
කොටි සිරකරුවෝ - දේසපාලන සිරකරුවෝ නොවේ. ත්‍රස්තවාදීන් නිදහස් කරගැනීම උදෙසා වු ජාතික සංවිධානය කියල නම වෙනස් කරගත්තනම් හරි. (ම)
එතකොට කොටි බෝම්බෙකින් මියගිය මගේ මිත්‍රයාගේ කඩවූ මානව හිමිකම් ගැන, ඒ වගේම බෝම්බ වලින් මියගිය මේ රටේ අනෙකුත් පුරවැසියන්ගේ මානව හිමිකම් ගැන මොකද කියන්නේ? එම බෝම්බ තබන්න ක්‍රියාකළ අයට දඬුවමක් නැද්ද? (නි)
මේ ගමන්ම ඔක්කොම හිරගෙවල් වල අය නිදහස් කරමු. හිරගෙවල් වහමු. එතකොට යහපාලනය සපිරි , වැරදි නොකරන සමාජයක් බිහිවේවි (නි)