කොටි සංවිධානය සමඟ සබඳකම් පැවැත්වීයැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ඉවත් කළ ගුවන් යානා තාක්ෂණ ශිල්පි රවීන්ද්‍රට රුපියල් පනස් නව ලක්ෂයකට අධික මුදලක් ගෙවීමට කම්කරු බේරුම්කාරවරයා ගත් තීරණය අහෝසි කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් එම සමාගම අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇත.
එම සේවකයාට එරෙහිව නඩු නොපරවා නිදහස් කෙරිනි.
ඉන් පසු ඔහු යළි රැකියාව ඉල්ලා සිටියේය.
එහෙත් ඔහුට රැකියාව නොලැබිණි.
පසුව ඔහු කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය. ඒ අනුව ඔහුට රුපියල් ලක්ෂ 12ක් සහ යළි සේවය පිහිටුවීමට නියෝක කැරිණි.
එම තීන්දුවට එරෙහිව සමාගම ඇපීල් කළේය.
එහි දී ඔහු යළි සේවයේ පිහිටුවීම අවලංගු කර අලුත් බේරුම්කරුවකු හමුවේ විභාගයක් පවත්වන්නට නියම කැරිණි.
අලුත් බේරුම්කරුවා ඔහුට රුපියල් පනස් නව ලක්ෂයක් ගෙවන ලෙස නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව තීරණය කරයි වෙන්න ඕනි මොකද්ද කියලා (දිල්)
කොටි නිර්දෝෂයි... කොටි පරද්දපු දෙසප්රෙමින් තමයි වැරදි.(ස)
අනේ මන්දා මෙහෙමත් දේවල්! (නි)
ඊළඟ ඡන්දෙන් මහින්ද අගමැති නොවුණොත් අපිට ලොකු පාඩුවක් වෙනවා. කෝ දැන් අර කෑගහපු එක එක කට්ටිය? (නි)