රොමේෂ් මධුෂංඛ
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ දී කොටි සංවිධානයට අයත් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් හමු වූ බවට මුලතිව් පොලීසිය කියයි.
වෙල්ලමුල්ලි වයික්කාල්හි නැවත පදිංචියට ගිය වැසියකු විසින් සිය ඉඩම එළිපෙහෙළි කරමින් සිටියදී වළ දමා තිබු අදාළ යුද උපකරණ තොගය හමු වී ඇති අතර පසුව ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දීමෙන් මුලතිව් පොලීසිය අදාළ ස්ථානයට ගොස් යුද උපකරණ තොගය ගොඩ ගනු ලැබීය.
ගොඩ ගත් යුද උපකරණ අතර ආර්.පී.ජී. බෝම්බයක්, අත්බොම්බ 2 ක් හා කොටි සංවිධානය විසින් නිෂ්පාදනය කරන ලද තමිලන් ගුණ්ඩු නැමති බෝම්බ 3 ක් සොයාගෙන ඇත.
යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාළ යුද උපකරණ තොගය වල දමන්නට ඇති බවට සැකකෙරෙන අතර සොයා ගත් යුද උපකරණ තොගය අධිකරණ නියෝගයකට අනුව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මාර්ගයෙන් නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවට මුලතිව් පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෝ හෝ මහා ඇමති විග්නේශ්වරන් නිලධාරින්ට හා මහජනයාට නොකියා කිවේ ඕක තමා. පොදු දෙමල ජනයාට හෙන ගැහැව්වත් කමක් නැහැ මම මහා ඇමති ආකල්පය. මහා ජනයා මෝඩ නැතිබව එයා දන්නේ නැහැ .
හෝ හෝ මහා ඇමති විග්නේශ්වරන් නිලධාරින්ට හා මහජනයාට නොකියා කිවේ ඕක තමා. පොදු දෙමළ ජනයාට හෙන ගැහැව්වත් කමක් නැහැ මම මහා ඇමති ආකල්පය. මහා ජනයා මෝඩ නැතිබව එයා දන්නේ නැහැ .