අවිස්සාවේල්ල උක්වත්ත ඇන්විල්වත්තේ නිවසක තිබී හමර් ජීප් රියක් සොයාගත් බව අවිස්සාවේල්ල පොලීසිය කියයි.
බස්නාහිර පළාතේ ලියාපදිංචි කර ඇති මේ රිය ප්‍රබල දේශපාලනඥයකුට අයිති යැයි දැනගන්නට ඇත.
ජිප් රිය පොලීසියට ගෙනවුත් ඇත.
ඩබ්ලිව් පී කේ වී 7179 යනුවෙන් එහි අංක තහඩුවේ සඳහන් කර ඇත. හමර් ජීප් රියක වටිනාකම රුපියල් කෝටි පහ ඉක්මවයි.
අධි මිල මෙවැනි වාහන යුරෝපයෙන් සොරකම් කර ශ්‍රී ලංකාවට ගෙන්වා ඉහළ පෙළේ දේශපාලනඥයින් ඇතුළු පිරිස්වලට විකුණන සංවිධානයක් පසු ගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවැති බවද කියති.
වයඹ දේශපාලනඥයකු පාවිච්චි කළ හමර් රියක් තවත් දේශපාලනඥයකුගේ පුත්‍රයකු විසින් සොරකම් කරන ලදැයි කියන සිද්ධියක්ද පසුගිය කාලයේදී වාර්තා විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රලතාට තියෙන්නේ යුරෝපා මේනියා එකක් නේද? ලංකාව ගැන අසුබවාදීව බලන්නේ ඒකයි (නදී)
මෙව්වා අල්ලන කට්ටිය පහුගිය දවස්වල කොහෙද හිටියේ? මට නම් පෙනෙන්නේ ලකුණු දමාගන්න හදනවා වගේ? (නදී)
ලලිත්, පසුගිය ආණ්ඩුව කාලයේ කරපු තරමක් දුෂිත් ක්‍රියා රජයේ නිලධාරීන් නොදැක්ක නොවේ. ඒවාට විරුද්ධව රාජකාරි කරන්න ගියා නම්, එක්කෝ දිවයිනේ කෙළවරකට මාරුවීම ලැබෙයි. නැත් නම් තත්වෙට නොගැලපෙන රාජකාරියක් භාර දෙයි. නැත්නම් අතුරු දහන් කරයි දැක්කනේ කොළඹ ප්‍රකට සුදුව ඇල්ලුවා. යුනිට් එකම විසුරුවල දැම්මේ (නදී)
චන්ද්‍රලතා පිට රටින් ඇතුල් රටට එන්න. මේ හැමර් රිය වෙන්දේසියේ විකුනනවා. ඔයාට මේක වෙන්දේසියෙන් මිලදී ගෙන තෙල් ලීටරයක් ගහගෙන කිලෝ මීටරයක් යන්න පුළුවන් (අවශ්‍ය නම් තනියට මාත් එන්නම්) (නදී)
දන්නෙ නැති නිසා අහන්නේ.මේවා ලියාපදිංචි කරලා නම් තියාගන්න තහනම් ඇයි? (නි)
දැන් මේ ලොකු ලොක්කෝ දසදුක් විදලා රටට ලෝකෙට අඩබෙර ගස ගසා වටිනා කියන හොරකන් කරපු දේවල් ගොඩාක් අල්ලාගෙන තිබෙනවා. මම අහන්නේ දැන් මෙතනින් පස්සේ මේ දේවල් වලට මොකද වෙන්නේ ? (නදී)
මේ දේවල් අල්ල ගත්ත ලොකු ලොක්කන්ගේ ගෙවල්වලට තමා මේවා බෙදිලා යන්නේ (නදී)
කරුණාකරලා මේවා අාපහු පිට රට වලට විකුණලා මුදල් මහා භාණ්ඩාගාරයට ගන්න. (නදී)
වටයක් පදින්න ඉල්ල ගන්න බැරි වේවිද දන්නේ නැහැ. අපිට කොහෙන්ද පූසෝ මාළු. (නදී)
හිටපු ජනපතිතුමාට මඩගහන එක හොඳද? ඕක එයාගේ කියලා ඔප්පු වුණේ නැහැනේ (නි)
මම කාගෙවත් හෙන්චයියෙක්වත් කාටවත් කඩේ යන්නෙක්වත් නෙවෙයි. නමුත් මේ තාක් කියවුණ හොරකම් සහ වංචා අහවල්ලු කළාය කිය කියා තවමත් තියෙන්නේ කටකතා මට්ටමේයි. මේවා කවුරු කරපුවාද කියලා හෙළිදරවු කරන්න ලැබිලා තියන කාලය හොඳටම ඇති. මේ වාහනය වුණත් ලියාපදිංචි කරලා තියෙන්නේ කාගේ නමටදැයි කියා හෙළිදරවු කරන්න පුළුවන්කම තියෙද්දී එක එක කටකතා නිර්මාණය කර පැතිරවීම ජනතාවට බාරදී නිකම් සිටීම යහපාලනය නම් නෙමෙයි. (නි)
ආ දැන් එතකොට ලංකාවේ හමර් තහනම්ද ? (නදී)
මේක දැන් ඇත්තටම විහිළුවක් වෙලා වගේ පෙනෙන්නේ. අද ලංකාවේ සල්ලිකාර මනුස්සයෙකුටවත් හොඳ වාහනයක් තියාගන්න බැරි කාලයක් උදාවෙලා තියෙන්නේ. කොහේහරි හොඳ වාහනයක් තියනවා දැක්කොත් ඉවරයි. (නි)
අප්පුහාමි කියන කතාව ඇත්ත. මේ වගේ සංදර්ශන නිසා තමයි පහුගිය ආණ්ඩුව පෙරලුනේ. (නි)
මෙම හමර් නැමැති ඇමරිකානු වාහනය ඇමරිකාවේ නිෂ්පාදනය කිරීම නතර කළේ එහි ඇති අධි දාරිතා ඉන්ධන වියදමත්, පාරිසරික දුෂනයත් නිසා එය විකිනීමට අපහසු නිසායි. එහෙත් ලංකාව වැනි දුප්පත් සංවර්දනය වන රටවලට මෙම වාහන කිසි සේත් ගැලපෙන්නේ නැහැ. නැහැ. එහෙත් මහජන මුදලින් නඩත්තුවන දේශපාලුවන් මේවා මිලට ගන්නේ ඒවාට ගසන ඉන්දන උවත් මහජන මුදලින් ගසා නඩත්තු කරන බැවිනි. රටට සිදුවන පාරිසරික දුෂණයද ඔවුන්ට වැටහෙන්නේ නැත. (නදී)
මේකේ අයිතිකරු කවුද කියලා කියන්න බැරිද? (නි)
අපිට තමයි හුළං! (නි)
ඇයි මේවා හංගලා. තව මේ වගේ කොච්චර ඇත්ද?(හේ)
මේ වගේ බොළඳ දේවල් කර කර ඉන්නනිසා දින 100න් කරනවා කියපුව මිනිස්සුන්ට අමතක වෙනවා. තවම කරනවා කියපු කිසි දෙයක් කරලා නැහැ. විධායක ජනාධිපතිකම ආ විගසම ඉවත් කරනවා කිව්වා. පෙට්ට්‍රල් 100 ට අඩුවෙන් දෙනවා කිව්වා. වයි/ෆයි නොමිලේ දෙනවා කිව්වා. ඇමති මන්ඩලය 25යි කිව්වා. කෝ කියපුව කරාද? (නදී)
චන්ද්‍රලතා බන්දුල පෙරේරාට ජයවේවා. (නදී)
අනේ බේබි නෝනේ, මගේ පුතාට හමර් එපා. බාබර් සාප්පුවට යන්න රු. 100 ක් දෙනවා නම් ඒ ඇති. (නදී)
චන්ද්‍රලතා, හොදට ලෝක සිතියම අරගෙන බලන්න. ඇත්තටම ඔබ ඉන්නේ පිටරටකද කියල? (නදී)
වෙන්දේසියේ විකුණලා මුදල් රජයේ අරමුදලට එකතු කරාවි.(නදී)
චන්ද්‍රලත් මේ ආණ්ඩුව කරන හොඳ දේවල් ගැන මාර ඉරිසියාවකින් ප්‍රතිචාර දාන්නේ. මොන අාන්ඩුකළත් හොඳ දේවල් කරනකොට හොඳයි කියන්න නිහතමානි වෙන්න. (නදී)