අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප‍්‍රහාර එල්ල කර ගුවන් යානා 16ක් විනාශ කර රුපියල් කෝටි හාර සියයක අනර්ථයක් සිදු කිරීම හා ආරක්ෂක අංශ සාමාජිකයන් 14 දෙනකු මරණයට පත් කළැයි රිමාන්ඩ් කර සිටින එල්ටීටීඊ සංවිධානයේ ගුවන් බළගනයේ සාමාජිකයින් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස නීතිඥයින් කළ ඉල්ලීමක් අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය යළි ප‍්‍රතික්ෂේප කළාය.
ඒ අනුව මෙම ත‍්‍රස්තවාදින් දෙදෙනා ලබන මැයි මස 2 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබිමටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.
අනුරාධපුර ගුවන් හමුදා කදවුර ප‍්‍රාහාරය සමිබන්ධයෙන් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා දැනට රිමාන්ඩ් බාරයේ පසු වන්නේ එල්ටීටීඊ සංවිධානයේ ගුවන් බළගනයේ හිටපු ප‍්‍රබල සාමාජිකයින් දෙදෙනකු වන යාපනය, සංකානෙයි හි පී.අරවින්දන් සහ කොටි සංවිධානයේ ගුවන් බළගනයේ හිටපු නායකයෙකු වන රාසවල්ලන් තබෝ රූබන් (ගුවන් කදවුරු ප‍්‍රාහාරයේ ප‍්‍රධාන විත්තිකරු) යන විත්තිකරුවන් දෙදෙනායි.
2025 දෙසැම්බර් මස 18
682
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටි දෙන්නාට ඇප නොදේ
පිටිගල මිලානෝ Tuesday, 29 March 2016 09:48 AM
නැතුව නැතුව...මේ අයට කේ පීට දුන්න දඬුවමම දෙන්න. (බ)
සුසන්ත Tuesday, 29 March 2016 11:33 AM
ඛේමා ස්වර්නාධිපති මහත්මියට ඉදිරියටත් මෙලෙස ශක්තිමත්ව සිටීමට හැකිවේවා කියා අපි සිතමු, විශේෂයෙන්ම ඉදිරියට ලැබෙනු ඇති දැඩි බලපෑම් හමුවේ. (බ)