ගම්පහ සණස ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරීවරියක වශයෙන් සේවය කරමින් සිටිය දී රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකාරියක කෑගල්ලේදී අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.
එම ගණකාධිකාරියගේ ගුවන් ගමන් තහනම් කර තිබිය දී අප්‍රේල් 18 වැනි දා ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළටට පැමිණි අවස්ථාවේ ආගමන විගමන නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන ඇතත් ඇය ඉන් මිදී පළා ගොස් ඇතැයි පොලිස් ආරංචි පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුරකතන කුලුනු වාර්තා ඔස්සේ කළ විමර්ශනයෙන් පසු ඇය කෑගල්ලේ සිටින බව තහවුරු කරගෙන ඒ ඔස්සේ ගොස් සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතැනට අදහසක් දානවට වඩා උචිතයි කියා මා හිතනවා ප්‍රශ්න පත්තරයක් ඉදිරිපත් කලොත්: 1) කෝටි දෙකක් පිල්ලි ගහන්න මේ බවලතාට කොච්චර කාලයක් ගියාද? ඒ කාලය තුල ගම්පහ සණස ප්‍රධාන කාර්යාලයේ කිසිම ගණකාධිකාරි ආයතනයක් මගින් පරීක්ෂණයක් කර තිබුනේ නැද්ද? 2) ගුවන් ගමන් තහනම් කර තිබියදී මේ බවලතා ඩුබායි ගියේ කොහොමද? එයාට රට යන්න වරම් ලැබුනේ කාගේ පිහිටෙන්ද? එයාට විදේශ ගමන් බලපත්‍ර හෙවත් පාස්පෝට් කීයක් තිබුණාද? 3) "ආගමන විගමන නිලධාරීන් ඇය අත්අඩංගුවට ගත්තා" කියන්නේ පුංචි පහේ සංදර්ශනයක්ද? එයා නිලධාරීන්ගේ ඇස්වලට වැලිගසා පැනලා යන තරමට "ස්මාර්ට්" වෙනකම් ඔවුන් නිදි කිරමින් සිටියද? 4) ගෑණු මොළේ හැඳි මිටේ දිග තරමට යයි කියලා, අදටත් කියන්න පුලුවන්ද?
සණස ආයතනයේ අභ්‍යන්තර විගණන පරීක්ෂණ අංශයක් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? නැත්නම් ඒ අංශය අධීක්ෂණය ගණකාධිකාරී යටතේද ක්‍රියාත්මක වෙන්නේ? කණකොකා සණස උඩින් පියාසර කරන්න පටන් අරන් වගේ. අහිංසක සණස පාර්භෝගිකයාට දෙවියන්ගේ පිහිටත් නැතිවෙයිද?
ගුවන් තොටුපොලේ ආගමන විගමන නිලධාරීන් ඇය අත්අඩංගුවට ගත් පසු, ඇය එතනින් පලා ගියේ කෙසේද? මේ සිද්ධියට ආගමන විගමන නිලධාරීන් වගකිව යුතු නැතිද?
ආගමන විගමන නිලධාරීන් මෙයාව කොහේ රඳවලා ඉන්දෙද්දීද පැනො ගියේ? පුදුම වෙන්න දේකුත් නැහැ.
රටට එනකොටම දැනගන්න පුලුවන් රටේ තරම ආගමන විගමන නිලධාරීන්ගෙන්.
සමූපකාර පනත මගින් ස්ථාපනය කර ඇති සණස බැංකු සමූපකාර කොමසාරිස් මගින් නිසි ක්‍රමවේදයක් මත පාලනය නොවීම මීට හේතුවක්. ඔය හුගක් දගලන සණස ආයතනවල වාර්ශික විගණනයක් සිදු කරත් එය වංචනික ස්වරූපයෙන් සිදුවන බව නොරහසක් . කරුණාකර මේ ආයතන විගනකාධිපති තුමා යටතට පත් කරන්න. නොඑසේ නම් මහ විනාසයක් විය හැකියි. ගම්පහ වටේ සණස ආයතන වලින් මේ ක්‍රියාවලිය ආරම්භ කරන්න