(නිමන්ති රණසිංහ)
එල්ටීටීඊ සංවිධානයට අයත් ලාංඡනයක් සහිත තොප්පියක් ලන්ඩන් නුවර බලා යැවීමට සැලැසුම් කළැයි චෝදනා ලැබ මාස 15 ක් රිමාන්ඩ් බාරයේ සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු සෙබලකු ඇතුළු තිදෙනෙකු නිතිපති උපදෙස් මත නිදහස් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා නියෝග කළේය.
මෙලෙස නිදහස් කරනු ලැබුවේ මුලතිව් නන්දිකඩාල් යුද හමුදා කදවුරේ විදුලි යාන්ත්‍රික ඉංජිනේරු බළකායට අනියුක්තව සේවය කළ වවුනියාවේ පදිංචි සුබ්‍රමනියම් නගුලරාසා,වවුනියාවේ පදිංචි ජේසුරත්නම් ජෙගසන්තන් සහ මහාදේවා ප්‍රසන්නා නැමැති අය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව පත්වුණුදා ඉඳන්ම හාල්මැස්සන් පස්සේ තමා පැන්නුවේ. තල්මස්සු ටික තවදුරටත් නිදැල්ලේ. රටේ ජනාධිපතිතුමා මොනවා කිව්වත් පාර්ලිමේන්තුවේදී කිව්වේ කවුරුවත් අත්අඩංගුවට ගන්න දෙන්නේ නැහැ කියලා. එහෙම නම්, ඒ කියන්නේ කෘමි නාශක හදන තැන්වලත් කෘමීන් ඉන්නවා කියන එකනේ. ජනතාව බලන් ඉන්නෙත් මිනීමරුවන්ට සහ දූෂිතයින්ට දඬුවම් දෙනකන්. මොකද ඉතින් ඡන්දෙකුත් එනවනේ....
සිංහල අයිතිය ගැන කතා කරන අයට දඬුවම්. කොටි රජ කරවන්නට හදන අය නිදහස්. සිංහලයාට වින කරන හැම කෙනෙකුටම සාප වේවා.!!!
මේවා යහපාලනයේ විශේෂ ලක්ෂණ... තමයි.
මාර තොප්පියක්නේ මේගොල්ලෝ දා ගන්න හදලා තියෙන්නේ !!! ත්‍රස්තවාදී කල්ලියක තොප්පියකට ඔච්චර ප්‍රසිද්ධියක් දෙන්න ඕන නැහැ නේද? මේ අය මාස 15 ක් රිමාන්ඩ් බාරයේ තබාගෙන, කන්න බොන්න දීලා ආරක්ෂා කිරීම සඳහා රජයට, (ඒ කියන්නේ බදු ගෙවන්නන්ට) කොතරම් විශාල මුදලක් වැය වුණාද? නීතිපති අංශවලට මීට වඩා ඉක්මණට කටයුතු කරන්න බැරිද? ඔය තොප්පිය පුච්චලා අළුටික නන්දිකඩාල් කලපුවට දැම්මානම් වැඩේ ඉවර නේ !!!