මෙරට හමුදාව ප්‍රතිසංවිධානය කරන්නැයි ලෝකයේ කිසිදු රටක් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් හෝ යෝජනාවක් කර නොමැති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දෙහිවල අත්තිඩියේදී අද (19) ප්‍රකාශ කළේය.
යුද්ධයෙන් ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ඉදිකළ ලංකාවේ පළමු භෞත චිකිත්සක පිහිනුම් තටාකය විවෘත කරමින් ජනපති එසේ පැවසීය.
එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ වී විදේශගතව සිටි ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමේ සිහිනයද අත්හැර දමා නැතැයි ද ජනපති පැවසීය.
ආණ්ඩුව රට බෙදීමට කටයුතු කරමින් සිටින්නේ යැයි විවිධ පාර්ශව වැරදි මතවාදයක් ගෙන යන බවද ජනපති කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිතවාදී ජනපති තුමනි , ඔබට ජය ! (ර)
ඔහොම යමුකෝ... (නි)
කුමාර්, නිහාල් දෙදෙනාටම මම එකඟයි (නි)
අර ඇඳේ සිටින සෙබළාගේ හිස පිරිමදින දර්ශනය අතිශයින් සංවේදියි (නි)
තම බලය නැතුව සමරු රට අරාජික කිරීමේ මහා සැලසුමක් දියත් කර ඇත, මිනිසා මෙලොව සිටින වැදගත්ම සාධකය ලෙස සිතා ඉදිරියටම යන්න, සමාජ වෙබ් අඩවි වල ගොඩක් පෝස්ට් දමන පාර්ශව සුදන්ට වැඩකර මාස පඩිය ලබාගෙන අන්තර් ජාලය මගින් සුද්දව පතුරු අරිනවා, කටියගේ ජාති අාලයත් ඔව්න් නොකීවට අපිට හොදහැටි පැහැදිලිය. (බ)
එහෙනම් එංගලන්තෙන් යුධ හමුදා උපදේශකයෝ ගෙනෙන්නේ මොකටද? (නි)
තාමත් මේවා දැකලා බොළඳ විදිහට අදහස් දාන අය ඉන්නවා (නි)
සරල සහ නිරහංකාර මිනිසා ඔබට ජය (බ)
අගමැති තුමා කියනවා නේද ඩයස්පෝරාව රටේ ආයෝජන කටයුතුවලට එකතු කරගන්නවා කියල. අනේ මන්ද ඕවනම්. (බ)
නිහාල්, ඒකයි ඒගොල්ලන්ට දේශපාලයෝ කියන්නේ. ඒ අය කියන ඒවා විශ්වාස කරන්න එපා. කරපු දේවල් ගැන පමණක් බලන්න. කොහොම වුණත් 13 ට වෙන්නේ මොකක්ද කියා බලමු. අන්න එතනින් තමයි අපිට වැඩ පටන්ගන්න තිබෙන්නේ (නි)
අපිට දැන් කිසිම කෙනෙක් ගැන කිසිම විශ්වාසයක් නැහැ (නි)
නරිය කිවාලු මිදී තිත්තයි කියල. (බ)
රොක්සි ඔබ කියන්නේ ඔබේ ප්‍රතිපත්තිය වෙන්න ඇති. හරියට අර එක්කෙනෙක්ට තෝස මසල වඩේ මතක් වෙනවා වගේ. ජනාධිපති තුමා කියනවා. ඩයස් පෝරාව තවමත් ඊලාම් සිහින දකිනවා කියල. තොප්පිගල වනාන්තරය පමණක් දුටු අගමැති තුමා කියනවා දෙමල ඩයස් පෝරාව ලංකාවේ ආර්ථිකය වැඩිදියුණු කිරීමට එකතු කරගන්න ඕනා කියල. (බ)
උතුරට ගියහම එක මාතෘකාවක්,දකුණට ගියහම තව එකක්,රණවිරුවන් ඉදිරියේදී තව එකක්,මානව හිමිකම් ඉදිරියේ තව එකක්. සත්‍ය කතාකරන්නේ කොහෙදිද. (බ)
කවදද ඇත්ත කිව්වේ (බ)
බමුණු ආරච්චි ඔබ කියන්නේ ඇත්ත. මේවා අපිට හොද පාඩම් . අනිත් එක්කෙනා රටේ නැහැනේ. අතීතය අමතක කරන්න එපා. (බ)
හැමෝම ෂේප් එකේ තියන් එයා හොඳ මිනිහ වෙන්න නේ හදන්නේ.......එයා විතරි මානව හිතවාදිය බලාගෙන යනකොට....(බ)
නැවත ත්‍රස්තවාදයක් ඇතිවීම දකින්නට අපි කවුරුත් කැමති නැත (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
රොක්සිලා වගේ අය ඉන්නාතුරු රටක් හදන්න බැහැ. (නි)
නිහාල්, හරියටම හරි (නි)
අපිට ඔබතුමා ගැන විශ්වාසයි (නි)
නිමල්, සිත රිදුනා නම් සමාවෙන්න!!! මම කිවුවේ සමහරු කියලා. අවශ්‍ය සංවර්ධිත රටක්. තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් නෙමෙයි. (නි)