උඩ වතුර තරු වලට
මැද වතුර පටි වලට
මඩ වතුර පොඩි අපිට
කොටි ගහලා මදි තොපිට
යැයි යුද සමයේ යාපනයේ බිත්තියක ලියා තිබූ කවියක් උපුටා දක්වමින් ආණ්ඩුව යුද සෙබළුන් ත්‍රස්තවාදීන් කඅන බවත් ත්‍රස්තවාදීන් රණවිරුවන් කරන බවත් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී රියාද් අද්මිරාල් සරත් වීරසේකර චෝදනා කරයි.
මේ ආණ්ඩුව රට බෙදීමට උත්සාහ කරන බවත් එහෙයින් කොටි ගසා මදි බවත් ඔහු පැවසීය.
ශ්‍රීලංකා රාජ්‍යය දියකර හැරීමේ කුමන්ත්‍රණය පරාජය කරමු මැයෙන් යුතුකම සංවාද කවය සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව කීය.
වත්මන් ආණ්ඩුව සංහිදියාව ඇතිකරන බව පවසමින් රට බෙදීමට උත්සාහ ගන්නා බවට ඔහු චෝදනා නැගීය.
ඡායාරූප හා වීඩියෝ ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හොඳ මහත්මයෙක් මම එයා එක්ක සේවය කරපු කෙනෙක් නමුත් මෙම මහත්මය ගොඩක් අන්ත වාදියි . වීරසේකර මහතාණනි එය අඩු කරගන්න. (බ)
නිමල්, එතුමා හමුදාවේ ඉන්නකොටත් දේශප්‍රේමය ගැනත් අපේ තිබු පෞඪත්වය ගැනත් එය රැකගැනීමේ වැදගත්කමත් සෙසු සාමාජිකයන් හට නිතර සිහිපත් කළ කවුරුත් ගරුකළ හමුදා නිලධාරියෙක්. (නි)
නිමල් ලාලිත ඔබ මම කිවූ දේ වැරදියට වටහාගෙන.මම තවත් කෙනෙකුගේ වැකියක් ලියා එය වෙවචනය කල එකයි කලේ. (ර)
පසුගිය දශක තුන හතර ජාතිය හා ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා ජාතිය වට්ටන්න හැසිරුනේ කෙසේද යන්න දන්නෝ දනිති, , රට දැන් දුවන්නේ රට රකින්න වැඩකළ පිරිස පෙලන්න බව දිනපතා සිදුවෙන දෙයින් වැටහෙයි. මේවට දැන නොදැන බහුතර ජනමතය මහා ඡන්දයේදී දුන් පිරිසටද තම දෑතින්ම තොන්ඩුව දා ගන්න වෙන එක නොවේද බලමු. (බ)
බමුණු, ඔබ සිතු අදහස පැහැදිලිව ඉදිරිපත් කරගැනීමට ඔබ අපොහොසත් වී ඇත. (නි)
දේශප්‍රේමය ඉතා හොඳයි. දේශපාලන වශයෙන් කරගන්න දෙයක් නැති වෙනකොට විතරක් දේශප්‍රේමය මතක් වෙන එකයි වැරැද්ද. (ර)
නිමල් ලාලිත , මම කීව්ව දේ වැරදියට වටහා ගෙන. මමකලේ තවත් කෙනෙකුට පිළිතරු දීමයි. (ර)
උඩ වතුර අවුරුදු 35ක් බීල බීල දැන්ද මතක් වුණේ මහත්තයට (අ)
ඔතන ඉන්න බොහොමයක් මහත්වරුන්ගේ දරුවන් ඉගෙන ගන්නේ වැඩ කරන්නේ පිට රට. (ර)
මම නිමල්ට එකඟයි (නි)
දැන් බොන්නෙත් බෝතල් වතුර (අ)
ඒකීය රාජ්‍ය සදාකාලිකද (බ)
මිනිස්සුන්ට පිස්සෝ කියල අපහාස කර කර ඉන්න වෙලාවේ මේ අය කියන දේ වල තේරුමයි රටේ සිදුවන දේවලුයි ගැන සොයා බලන්න. (බ)
ඔය කවුරු කවුරු ගැනත් අපි නම් දන්නවා (නි)
බාල දේශප්‍රේමයට වඩා වටින්නේ ජාතීන් අතර සමගිය හා විශ්වාසය කියලා තේරුම් නොගන්න තාක් මේ රට අඳුරේ කියලා තමයි කියන්න වෙන්නේ. (බ)
සහතික ඇත්ත... (නි)
එ තුමා හමුදාවේ ඉන්න කාලේ පොඩි අය ගැන බැලුවේ කොහොමද කියල අැහුවොත් පොඩි අය ඕකට උත්තරය හොදින් කියයි (අ)
ඔක්කොම පිස්සෝ සෙට් එක මෙතන ඉන්නවා (බ)
ඔබතුමාලට වැඩිය රටට ආදරේ කරන මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ අයගෙන් හැමෝටම ඔබතුමාලට වගේ ඒක මාධ්‍ය ඉස්සරහ කියල දේශප්‍රේමී ලේබලේ අලවාගන්න බෑ (බ)
ඕනෑම රටක අන්තවාදීන් ඉන්නවා. මේකට කලබල වෙන්න දෙයක් නැහැ. (බ)
ඔය කතා සෙබළු කිව්වේ හමුදාවේ ඔබ තුමා වගේ නිලයන්ට නේද .ඔය කතා සිවිල් සමාජයට කීමෙන් අපේ රෙදි ගැලවෙනවා නේද (බ)
අපි බැලිය යුත්තේ ඉදිරිය දෙසයි. රට සංවර්ධනය කිරීම ගැනයි (නි)
හිතට එකගව නිදහසේ මැරෙන්න පුලුවන්ද මන්ද මේවා කරන ම්නිස්සුන්ට ? (බ)
මේ කවිය ලියලා තිබුනේ යුද සමයේ. ඒකෙන් පෙනෙන්නේ ඒ කාලෙත් හමුදාවේ පොඩි අයට මඩ වතුර. එහෙව් එකේ දැන් කුමන කතාද? රණවිරුවන් කියන්නේ ලොකු නිලධාරීන් පමණක්ද? (නි)
පැන්සලක් ගෙන ගණන් සාදා බලන්න රට බෙදුනොත් ද්‍රවිඩයකුට භූමියෙන් වර්ග මීටර් 10700 ලැබෙනවා සිංහලයකුට භූමියෙන් වර්ග මීටර් 2000 පමණ ලැබෙනවා. කොහොමද කැමතිද? (බ).
ඔක්කොම පිස්සෝ සෙට් එක මෙතන ඉන්නවා . පිස්සා හිතන්නේ අනික් අයත් පිස්සෝ කියලනේ පිස්සට රට ජාතිය ගැන කතා කිරීමත් පිස්සුවක් කියල හිතන්නේ. (බ)
අන්තගමීත්වය කරපින්නා ගත්ත ඊනියා සිංහලයන්... ඔහුන් තවම ජීවත් වෙන්නේ මධ්‍යතන යුගයේ (අ)
නිමල් ලාලිත , තව ගොඩක් අය ඔබ සමග සිටින බව දැන ගන්ඩ. (බ)
එම කවියෙන් කියල තියෙන්නේ ඒ කාලයේත් සොල්දාදුවන්ට සිදුවුණා අසාධාරනය ගැන මිසක ඔවුන්ට යහපත ගැන නොවේ (බ)
බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නැහැ . ඔබතුමන්ලා ඔය කරන ජාතිය දැනුවත් කිරීම දිගටම කරන්න . සිංහලයෝ කියන සුළු ජාතිය වඳකරන විදේශික බලවේග වල අතමාරුවට කෑදර එව්වන් ඕන දෙයක් කියපුවාවේ. (බ)
එතුමා ඔය කතාවම මීට කලිනුත් දවසක් කිව්වා මතකයි. එතුමා රටට ආදරේ කරන විශිෂ්ට පුත්‍ර රත්නයක්. (නි)
ඇත්ත කතාව (නි)
හේමන්ත, අංගොඩ ඉන්න ලෙඩ්ඩුත් දොස්තරලට බනිනවා (බ)
බෙන්තර, අලව ගන්න ඕනේ නැහැ. දේශප්‍රේමීද දේශද්‍රෝහීද කියන එක තම තමන්ම දන්නවා ඇති. (බ)
මම නම් සිංහල ජාතික වාදී පිස්සෙක්. එ්කනේ සිංහල ද්‍රෝහියන්ගෙන් පළිගැනීමට මරණයෙන් පසු බලවත් යක්ෂ ආත්මයක් හෝ ලැබේවා යි පැතීම කරන්නේ. නමුත් සිංහල අයිතිය ගැන කතාකරන මිනිසුන්ට පිස්සන් යි කියන මේ බමුනුට පිස්සුද කියල මට හිතෙනවා. මෙහෙම කියොත් සිංහලයන්ට මීටර් 2000 තියා 100 වත් ඉතිරි වෙන එකක් නැහැ. (බ)
ඔබතුමලා රට ගැන හැඟීමකින් මේවා කරනවා වෙන්න පුළුවන්, එත් මේ රටේ බහුතර පිරිසක් දරන්නේ ඔයිට වැඩ විකල්ප මතයක්. (අ)