(ප්‍රසාද් මුතුකඩ)
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ආරක්ෂක විමර්ශන අංශයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා අධි සංවේදි ස්කෑන් යන්ත්‍ර 05 ක් වසර කීපයක සිට කිසිදු භාවිතයකට නොගෙන ඉවතලා ඇතැයි කටුනායක ගුවන්තොටුපලින් වාර්තාවේ . මෙම යන්ත්‍ර ජර්මනියේ හයිමන් ස්මිත් සමාගමේ නිෂ්පාදිත ඒවාය.
කටුනායක ගුවන් තොටුපලේ අම්බ්‍රෙල්ලා පාර්ක් ස්ථානයේ සහ කාර්ගෝ විලේජ් යන ස්ථානහි සවිකර ඇති එක්ස් රේ යන්ත්‍ර සහ ඊටීඩි ස්කෑන් (විනාශකාරි ද්‍රව්‍ය නිරික්ෂනය කිරීම) යන්ත්‍ර පහක් අක්‍රිය මට්ටමේ පවතින අතර එම යන්ත්‍ර සවිකිරීමට වැය කර ඇති මහජන මුදල රුපියල් කෝටි ගනනක් බව මේ පිළිබදව කළ සොයා බැලීමකදි උසස් නිළධාරියෙක් කීවේය.
සිවිල් ගුවන්සේවා අධිකාරියේ අනුමැතිය මත මෙම යන්ත්‍ර ආනයනය කිරීම සහ සවි කිරීම කළ යුතු වුවත් එම අනුමැතියන්ද ලැබී නොමැති අතර කලක සිට මෙම යන්ත්‍ර කීපය පසෙකට තල්ලුවි ඇති බවත් කියැවේ. මෙම යන්ත්‍ර කීපය සදහා සේවා හා නඩත්තු කිරිමට විශාල මුදලක්ද වැය කර ඇතැයිද එම නිළධාරියා වැඩි දුරටත් කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගුවන් තොටුපලේ කොපමණ සේවකයන් සිටියත සේවකයන් එහෙමෙහෙ ඇවිද ඇවිද සතුටු සාමිචියේ යෙදෙමින් සිටිනවා ඇරෙන්න හරියට වැඩක් කෙරෙන බවක් නොපෙනේ ගුවන් මගීන්ගේ බඩු මලු එන බෙල්ට් එක ළඟ මගින බොහෝ අවස්ථාවල පැයකට වැඩිය රස්තියාදු වේ , මේවා සවිකරලා ගමන් මලු පරික්ෂ කරන්න ගත්තොත් පැය 2-3 විතර රස්තියාදු වෙන්න වේවි , යන්ත්‍ර තිබුනට විතරක් මදි මේවා ක්‍රියාත්මක කරන්න කාර්යශුර අවංක සේවකයනුත් උවමනාය