
(පද්ම කුමාරී කංකානම්ගේ )
ඉතා ඉහළ වර්ගයක සම්භවයකින් යුතු ඉන්දියන් ජයග්‍රාහී පරවියන් ලෙස සැළකෙන,පරවියන් තොගයක් නිරෝධායන නීතී උල්ලංඝනය කරමින්,නීතී විරෝධී ලෙසින්,මුහුදු මගින් ප්‍රවාහනය කරමින් සිටිය දී සැකකරුවන් සිව් දෙනකු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි,
පරවිය රැගෙන ඒම සඳහා යොදාගත් යාත්‍රාව, එන්ජිම කල්පිටිය වන්නි මුන්දලම වෙරළ තීරයේ දී,පුත්තලම ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකය මගින්, අත් අඩංගුවට ගෙන ඇත.
මෙම පරවියන් ප්‍රවාහනය සදහා සූදානම් කොට වෙරළ ආසන්නයේ නතර කොට තිබූ වෑන් රියක් ද මේ සමග අත් අඩංගුවට ගෙන ඇත.
පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාට මෙම ඉන්දියන් පරවින් පිළිබදව ලැබුණු තොරතුරක් මත විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.එස්.ප්‍රනාන්දු ඇතුලු කණ්ඩායම වන්නිමුන්දලම වෙරළ තීරයේ සිවිල් ඇදුමින් රැක සිට ඇත.
පෙරවරු දහයේ සිට සැගව රැක සිටි මේ පිරිසට පස්වරු පහට පමන අදාළ ධීවර යාත්‍රාව කොටු කර ගැනීමට හැකිව ඇත.
සිදුරු සහිත ප්ලාස්ටික් ඇසුරුම් පෙට්ටි හයක කිටිකිටියේ මෙම පරවියන් අසුරා තිබී ඇත.දින තුනක් හෝ ඊටත් වඩා වැඩි මුහුදු ගමනකින් මෙම පක්ෂීන් හෙම්බත්ව දුර්වලව සිටි බැව්,උප පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු මහතා පවසයි.
මොවුන් ජාතික සහ ජාත්‍යන්තර තරග සදහා ඉදිරි පත්වන මුදු සහිත පාදවලින් යුතු ඉතා වටිනා පරවි විශේෂයකි.
මින් එක් පරවියෙකුගේ වානිජ වටිනාකම රුපියල් පනස් දාහ ඉකමවන බැව,පරවි ව්‍යාපාරිකයෝ පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd