බ්‍රිතාන්‍යයේ කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප පළ කිරීම හේතුවෙන් ඇයටත් බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුට
ත් සිදු වූ හානිය වෙනුවෙන් යුරෝ 100,000ක මුදලක් ගෙවන්නැයි ප්‍රංශ අධිකරණයක් ප්‍රංශ ප්‍රකට සඟරාවකට අද (5) නියෝග කළේය.
වරදකරු වී තිබෙන ප්‍රංශ සඟරාව 2012 වසරේදී කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කේට් කුමරියගේ උඩුවත් ඡායාරූප පෙළක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබිණි.
‘ක්ලෝසර්’ නැමැති ප්‍රංශ සඟරාවක් ඒ අයුරින් කේට් කුමරියගේ ඡායාරූප පළ කර තිබූ අතර අදාළ නියෝගය දෙමින් සඟරාවේ කතෘ සහ හිමිකරු යුරෝ 45,000ක උපරිමයකට යටත්ව දඩ මුදල් ගෙවිය යුතු බව තීන්දුව ලබාදුන් ප්‍රංශ අධිකරණය නියෝග කළේය.
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ බෑණා කෙනකුට අයත් මාලිගයක පිහිනුම් තටාකයේ සිටියදී දීර්ඝ කාච සහිත කැමරාවකින් කේට් කුමරියගේ ඡායාරූප ගෙන තිබිණි. කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වූ අතර අදාළ ඡායාරූප මිලදී ගැනීම සඳහා කරන ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට ද ඇතැම් පුවත්පත් කටයුතු කර තිබිණි.
විලියම් කුමරු නඩු තීන්දුව දුන් ප්‍රංශ අධිකරණයට ලිපියක් යොමු කර තිබූ අතර මෙම සිදුවීම මීට වසර 20කට පෙර පැපරාසීන් තම මව, ඩයනා කුමරිය ලුහුබැඳි අයුරු සිහිපත් වන බව ද සඳහන් කර තිබිණි.
ඩයනා කුමරිය 1997 වසරේ අගෝස්තු 31 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවරදී රිය අනතුරකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූවාය.
මේ අතර කේට් කුමරිය සිය තෙවැනි දරු ප්‍රසූතිය අපේක්ෂාවෙන් සිටින අතර අලුත උපදින රාජකීය දරුවා පස්වැනියට බ්‍රිතාන්‍ය කිරුළ දැරීමට හිමිකම් කියන්නා වනු ඇත. කේට් කුමරියගේ ස්වාමිපුරුෂයා වන විලියම් කුමරු මීළඟ බ්‍රිතාන්‍යය රජු වීමට නියමිතය. දෙවැනි එළිසබෙත් රැජිනගේ වැඩිමහල් පුතු වන චාල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ කිරුළේ පළමු උරුමක්කරු වුවද ඔහු රජකම භාර නොගනු ඇතැයි පැවසේ.
(ඒ.එෆ්.පී/ඩේලිමේල් 055)



2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූ පළකළ සඟරාවට දඩ
Janaka Tuesday, 05 September 2017 01:56 PM
මේ ප්‍රවුර්තිය ටිකක් පැහැදිලි මදි. අදාළ චායාරුප ටිකත් පල කලානම් තමයි හොද.
jayampathiWednesday, 06 September 2017 08:13 AM
එ්ක තමයි, අපිටත් ඒ උඩුකය නිරුවත් ඡායාරූප දැක්කා නම් හරි අදහසක් පලකරන්න තිබුණා.
sanjeevaWednesday, 06 September 2017 08:22 AM
ඔබ ගැන තිබෙන්නේ කණගාටුවක් දුකක් මිස තරහක් නෙවෙයි..
raveendra Tuesday, 05 September 2017 03:50 PM
මුල් චායාරුපය සිත් ඇදගන්නසුලුය. මොනම ජාතියක උනත් දරුවන් යනු ලෝකයේ සුන්දරම වස්තුන්වලින් එකකි.
dhamneth Wednesday, 06 September 2017 03:21 AM
බොහොමයක් කඩාකප්පල්වුන ප්‍රසිද්ද පුද්ගලයන්ගේ විවාහ ජිවිත කඩාකප්පල්වුනේ පැපරාසි වගේ මාද්‍ය නිසයි.
Nuwan Wednesday, 06 September 2017 05:54 AM
අපේ රටේ දේශපලකයින්ව මෙවැනි පැපරාසි වැඩ වලින් අවුල් කරන්න බැහැ. මොකද ඔවුන්ට ලැජ්ජාවක් නැහැනේ
Nandalal DE SILVA - France Wednesday, 06 September 2017 07:43 PM
මේ පුවතින් සහ අධිකරණ තීන්දුවෙන් පේනවා මෙරටේ නීතිය නියම අන්දමින් ක්‍රියාත්මක වෙන බව ! මෙවැනි දෙයක් අපේ ශ්‍රී ලංකාවේ සිදු උනොත් කොහොම වේද ?
ama Thursday, 07 September 2017 03:28 AM
කුමාරිකාවක් වුනත් මොකද විලි වහගන්න බැරි නම්
Ramathi Thursday, 07 September 2017 08:22 AM
ඉතාම සුන්දර ජෝඩුවක්