(මහනුවර විශේෂ චමිල් රුපසිංහ)
තැලසීමීයා රෝගීන්ට ඇට මිදුළු බද්ධ කිරීම ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මහනුවර මහ රෝහල් පරිශ්‍රයේ ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 856 ක මුදලක් සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් වෙන් කරනු ලැබ ඇත.
තැල්සීමියා රෝගීන්ට ඇට මිදුළු බද්ධ කිරීමේ පහසුකම් සහිත ප්‍රථම ඒකකය මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකෙරුණු අතර මහනුවර ඉදිකිරීමට නියමිතව ඇත්තේ එවැනි පහසුකම් සහිත දෙවන ප්‍රතිකාර මධ්‍යස්ථානයයි.
මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකිරීමේ සමාරම්භක උත්සවය හෙට(8 වැනිදා) පැවැත්වීමට නියමිතය. සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න, පාර්ලිමේන්තුවේ සභානායක,උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු ඊට සහභාගි වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මහත්තයෝ වැඩ... දැන්වත් කට්ටියගේ කටවල් ලොක්වෙයි...