(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ දිසා දුෂණ වැටලීම් ඒකකය ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කළ වැටලීමකින් පසු කිලෝ 99 ක වල්ලපට්ටා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම වල්ලපට්ටා කිලෝ එකක වටිනාකම රුපියල් ලක්ෂ හැටකි. මාවනැල්ලේ සිට මෙම තොගය ප්‍රවාහනය කර ඇති බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්න සංවර්ධනය සැලසුම් කරන කකුල් දෙකේ හරක්ට බැරිද මේ ගස් වවන්න හා ක්‍රමානුකුලව පට්ටා ලබාගෙන පිටරට යවන්න සැලසුමක් ඇතිකරන්න?
අපි දුප්පත් රටක්.. වල්ලපට්ට වාණිජ්‍යමය වශයෙන් වගකරලා ඇයි අපිට බැරි රටට හොඳ අදායමක් ලබාගන්න.. එහෙම නොකරන්න තියෙන බාධක මොනවද?.. හැමදාම ඔයවගේ හොරු අල්ල අල්ල ඉඳල හරියිද..
ආණ්ඩුවට සල්ලි නෑ කියා කියා ඉන්න එකේ, වල්ලපට්ට වවලා රට පැටෙව්වනම් හරිනේ.... - කිත්සිරි
අපරාධයකි. විකුණා සල්ලි ගන්න
නිකම් වැටලීම් නොකොට, වල්ලපට්ටා නීත්‍යානුකුලව වගා කොට අලෙවි කිරීම ගැන මහජනයා දැනුවත් කල යුතුයි. මෙය කෙනෙකුට ජීවත් වීමේ මාර්ගයක් කර ගත හැකියි.
ෂුවර් එකටම සුදු තොප්පි කාරයෙක්. ඕව කපන අයගෙන් රුපියල් ලක්ෂයකට හමාරකට අරන් ඔය ඉතිරි මුදල සාක්කුවට තමයි දාගන්නේ. වගාව නීතිගත කරලා වැඩි ලාභයක් ...මහන්සි වෙන මිනිහගේ අතට ලැබෙන ක්‍රමයක් හැදුවනම් කාටත් හොඳයි. අර රජරට ගොවි මහත්තයා මේ ගැන දන්නේ නැද්ද? තවම... එතුමාගේ තනතුරු දෙකටම හොඳයිනේ මේ වැඩේ...
අපේ රටේ පත්වෙන කිසිම ආණ්ඩුවකට වගාකරන් කන්න අවශ්‍යතාවයක් නෑ. ඒ අය බලන්නේ කෙටි කාලීන ලාභ. එකනේ තියෙන දේවල් විකුණනගෙන කන්නේ. ජනතාව ගැන මේ කවුරුවත් හිතන්නේ නෑ. මේවා හිටෙව්වොත් ඊ ළඟ ආණ්ඩුවේ අය තමයි ලාභ ගන්නේ කියන කුහක අදහස තමයි මේ වැඩේට තියෙන එකම බාධාව....