(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය මුහුදු තිරයේදි ධිවර යාත්‍රාවකින් රැගෙන එමින් තිබු රුපියල් කෝටි හතරකට ආසන්න රන් බිස්කට් තොගයක් සමඟ සැකකරුවන් දෙන්නෙක් කල්පිටිය විජය නාවික කදවුරේ නිළධාරින් උච්චමුනේ මුහුදු තිරයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (24) රාත්‍රියේ කල්පිටිය උච්චමුනේ මුහුදු තිරයේදි මෙම රන් බිස්කට් තොගය අත් අඩංගුවට ගෙන ඇත්තේ සැක කටයුතු ලෙස සැරිසරමින් තිබු ධිවර යාත්‍රාවක් පරික්ෂා කිරිමෙනි.
දැඩි ආරක්ෂිත ආකාරයෙන් කවර වල බහා තිබු මෙම රන් බිස්කට් තොගය ධිවර යාත්‍රාව පරික්ෂා කිරිමේදි සොයා ගෙන තිබු අතර මෙම රන් රුගෙන එමින් සිටි ධිවරයින් දෙදෙනා වයස අවුරුදු 21 සහ 29 සිමාවල පසුවු කල්පිටිය මාන්තොට්ටම් සහ මොහොදියා පුරම් ගම්මානවල පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරික්ෂණ සදහා කල්පිටිය පොලිසියට භාර දිමට නියමිතව තිබු අතර රන් බිස්කට් තොගය ශ්‍රී ලංකා රේගුවේ මුන්දලම සින්නපාඩුව කාර්යාලයට භාර දි තිබු අතර එය ප්‍රධාන රේගු කාර්යාලයට රැගෙන යාමට නියමිතව තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd