
(ටී.කේ.ජී.කපිල)
රේගු නිලධාරීන්ට "තුවා" ( Towel ) ලෙස පෙන්නා රුපියල් කෝටි විසි හතක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් පකිස්තානයේ සිට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අවදානම් කළමනාකරණ මූලධර්ම භාවිතා කරමින් අත් අඩංගුවට ගෙන තිබේ .
පකිස්තානයේ ලාහෝර් නුවර සිට පාර්සල් 08 ක් වශයෙන් සකස් කර තිබූ මෙම හෙරොයින් තොගය ඉකුත් 10 වැනි දින ඕමාන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබුණි .
මෙම හෙරොයින් තොගය ඇතුළත් ගුවන් භාණ්ඩ තොගය නිට්ටඹුව , තිහාරිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන භාණ්ඩ ආනයන සමාගමක් වෙත එවා තිබුණි .
මෙම ගුවන් භාණ්ඩ තොගය නිදහස් කර ගෙන යාමට කොළඹ - 05 ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ තිබේ .
එහිදී මෙම ගුවන් භාණ්ඩ පාර්සල් ඔහු ඉදිරියේ විවෘත කර පරීක්ෂා කර බැලීමේ දී කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 500 ක් බරැති මෙම හෙරොයින් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ .
මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමට රේගු මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා ද කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටියේය .

2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝටි 27ක කුඩු ගුවන්තොටෙන් අල්ලයි
Mahasen Wednesday, 22 November 2023 08:29 AM
ඕවා අදාළ මත් ද්‍රව්‍ය බව හා ප්‍රමාණය නිශ්චය කරගත් පසු ඉක්මනින් ප්‍රසිද්ධියේ විනාශ නොකරන්නෙ ඇයි . කල් තබා ගැනීමෙන් සියල්ල පාන්පිටි බවට පත්වන බව නොදන්නවා නොවේද .
manjula Wednesday, 22 November 2023 11:10 AM
අල්ලන එක හොඳයි ඒ වගේම ඒවා විනාශ කරන්න සාක්ෂි සහිතව .ආයිත් වෙන යට බෙදා දේනේ නැතුව