යාපනය කන්කසන්තුරෙයි ඉදිවන ජනාධිපති මන්දිරය ජනසතු කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය.
උතුරු පළාත් සම්බන්ධීකරණ රැස්වීමෙන් අනතුරුව ජනපති එහි සංචාරය කොට ඉදිවන ජනාධිපති මන්දිරය පිළිබඳව සොයා බැලුවේය.
දැනට 80%ක පමණ වැඩ අවසන්වී ඇති එහි ඇස්තමේන්තු ගත මුදල රුපියල් කෝටි 200කි. මහජන මුදල් විනාශ කරමින් ඉදිවන එවැනි සුඛෝපභෝගී මැදුරක් තම සුඛ විහණයට යොදා නොගන්නා බවද එහිදී මෛත්‍රිපාල සිරිසේන ජනපති පැවසීය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ කන්කන්තුරෙයිහි කිසිදු ජනාධිපති මන්දිරයක් ඉදිවෙමින් නොපැවති බවත්, 1980 දී කොටි ත්‍රස්තයින් විනාශ කරනතුරු ජනපති මන්දිරයක් යාපනය කොටුවේ තිබූ බවත්ය. මෙම ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් බවත් නාවික හමුදාව එහි ඉදිකිරීම් බාරව සිටි බවත් මහින්ද රාජපක්ෂ මහතා කියයි.
කන්කසන්තුරෙයි හා ආරුගම්බේ ඉදිවෙමින් පැවති ගොඩනැගිලි ජනාධිපති මන්දිර නොව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන බවත් ඒවා අනෙක් සම්මන්ත්‍රණ ශාලාවන්ට වඩා වෙනස් වන්නේ නවාතැන් පහසුකම් සහිතව ඉදිකිරීම හේතුවෙන් බවත් හිටපු ජනපතිවරයා පෙන්වා දෙයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරි දැක්මක් නොමැති නායකයන්ට මේවා විහිළු වියහැකියි. නමුත් මෙවැනි දෑ සැබැවින්ම රටකට අවශ්‍යයයි. මිනිස්සු කොහොම කීවාත් මේවා මහින්ද මහත්තයා යනකොට අරන් යන්න කරපුවා නොවෙයි. (ර)
යාපනයේ යුද්දෙන් පස්සේ කලයුතු මන්දිර හැදීම නොව අවතැන්වූ මිනිසුන් සඳහා ස්ථිර පදිංචි කිරීමට කටයුතු කිරීමයි. ඉදිරි දැක්මක් නැති නායකයන් හදන්නේ මන්දිර. (නදී)
මේක මන්දිරයක් වගේ නම් පෙනෙන්නේ නැහැ. ගොඩනැගිලි තිබෙන විදිහට මට නම් හිතෙන්නේ හමුවීම් සඳහා හදපු තැනක් කියලා. (නි)
හිටපු ජනාදිපතිතුමනි,ඔබ යුද්දය දිනවන්නට නායකත්වය දුන්නා වගේම දහස් ගණන් රණ විරුවන් ජීවිත පුජාකළ අතර දහස් ගණන් අබාධිත වුනා. ඔබටත් අඹු දරුවන්ටත් බොහෝ සැප සම්පත් වරප්‍රසාද ලැබුන නමුත් රණවිරුවන්ගෙන් සුළු පිරිසකට පමණයි උපකාර ලැබුනේ. නමුත් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන ඉදිකිරීමට පෙර අර අසරණවූ රණවිරුවන්ට කුඩා නිවසක් වත් දීල කෙලෙහි ගුණ දක්වන්නට තිබුන නේද? එය අතපසු කලේ මොන හිතකින්ද? (නදී)
සමන්ති උතුරට මන්දිර අකැපද - කැප බංකර විතරද....නමුත් යළි පදිංචි කිරීමට දුන්න අත-හිත මදි (දිල්)
මේවා රටකට අවශ්‍යයි. පසුගිය රජය විසින් උතුරේ අවතැන්වූ ජනතාවට අවශ්‍ය ඉඩම් හා නිවාස ලබා දුන්නා. නමුත් උතුරේ දේශපාලුවන් ඒවාට බාධා කරා. දැන් උතුරේ ප්‍රශ්න මොකුත් පේන්නෙ නෑ. රණවිරුවන්ට නිවාස ඉදිකරල දුන්නෙ නෑ කියල කට්ටිය කියනව නේද. හැබැයි ඔයාලට අමතක වෙලා පසුගිය රජය තරම් රණවිරුවන්ට සලකපු වෙන රජයක් ලංකාවෙ ඉදල නෑ. කොච්චර නම් නිවාස හදල දුන්නද. නිවාස අවශ්‍ය පුද්ගලයන්ට නිවාස ලැබුන. රණවිරු ගම්මාන හැදුව. ඒ වගේම ආබාධිත රණවිරුවන්ට අභිමන්සල වගේ තැන් හැදුව. ඒව දැන් අමතකයි. (නදී)