IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කෝටි 18 ක රත්තරන් ජෙල් ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි

 

 (ටී.කේ.ජී.කපිල )

රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි වශයෙන්  සකස් කර ඒවා තම සිරුරු වල ගුද මාර්ගයේ සහ සිය  ගමන් මලු තුළ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ .

කල්මුණේ , මූතූර් , කොළඹ - 10 , කළගෙඩිහේන් සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 30 ත් - 50 ත් අතර පසුවන , නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන පුද්ගලයන් හය දෙනෙකි 

මොවුන් ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ එතැන් සිට 06/25 දින පස්වරු 01.20 ට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ - 1175 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .‍ෙමෙම  පුද්ගලයන් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර   (  Scan Test ) පරීක්ෂා කිරීම් වලට යොමු කිරීමෙන් පසුව අත් අඩංගුවට ගැනීම  සිදු කර තිබේ .

මොවුන් අතරින් පුද්ගලයන් සිව් දෙනෙකු මෙම රත්තරන් ජෙල් අඩංගු ගුලි සිය සිරුරු වල ගුද මාර්ග තුළ ත් , තවත් දෙදෙනෙකු තම ගමන් මලු තුළ ත් මෙම රත්තරන් ජෙල් කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 632 ක් බර රත්තරන් ජෙල් ගුලි 22 ක සගවා ගෙන තිබූ බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීවරයෙකු පැවසීය .



අදහස් (0)

කෝටි 18 ක රත්තරන් ජෙල් ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site