කල්පිටිය, නොරොච්චෝලේ බලාගාරයට ලංකා කෝල්ට්ස් සමාගමෙන් ගෙන්වූ බව කියන ගල් අඟුරු නැව් දෙකකින් කෝටි 154 ක් පමණ වංචා කළැයි දැනට නැව් සංස්ථාවේ සභාපති කාංචන රත්වත්තේ ඇතුළු නිලධරයන් 4 ක් අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක මෙවන් සිල්වා මහතා කියයි.
විදුලිබලාගාරය විසින් 2012/2013 වසරවල ගෙන්වූ මෙම ගල් අඟුරු නැව් දෙක අයහපත් කාලගුණය හේතුවෙන් ගොඩබෑමට නොහැකි බවත් එය පිපිරීමකට ආසන්න බවටත් දන්වා නැව් සංස්ථාවේ සභාපති ඇතුළු මෙම පිරිස එය මෙරටින් රැගෙන ගොස් ඉන්දියානු සමාගමක් වෙත හොර රහසේ අලෙවිකොට රුපියල් මිලියන 416 ක් සහ රුපියල් ලක්ෂ 1119 ක මුදලක් ලබාගෙන ඇති බවට පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.
මෙම ගනුදෙනුව සිදුව ඇත්තේ කැබිනට් අනුමැතියකින් තොරව වන අතර එයට විදුලි බල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතාගේ අනුමැතියද ලැබී නොමැති බවද සඳහන්වේ.
නැව් සංස්ථාවේ සභාපති ඇතුළු සිව්දෙනා විසින් පත්කරගත් කමිටුවක් හරහා මෙම අයථා ගනුදෙනුව සිදුව ඇති බවද පොලිසිය කියයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලක් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භකොට ඇති අතර විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා ගේ මෙහෙයවීමෙන් සිදුකළ පරීක්ෂණයෙන් පසු නැව් සංස්ථාවේ සභාපති ඇතුළු සිව්දෙනා අත් අඩංගුවට ගෙන තිබුණි. අත් අඩංගුවට ගත් සෙසු සාමාජිකයන් පිරිස එම කමිටුවේ සාමාජිකයන් බවද පැවසේ. මෙම සමාගමින් මේ ආකාරයට ගල් අඟුරු නැව් 15 ක් මෙරටට ගෙන්වාගෙන ඇති අතර මෙම නැව් දෙක සඳහා පමණක් මෙම අයථා ගනුදෙනුව සිදුවී ඇතැයි කියති.
මෙම ගනුදෙනුවට මැදිවූ ලංකා කෝල්ට්ස් සමාගමේ සභාපතිවරයා ඉකුත් දෙසැම්බර් මස හෘදයාබාධයකින් මියගොස් ඇති අතර තවත් අතරමැදි ව්‍යාපාරිකයකු අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්ගෙන් විශේෂ විමර්ශන ඒකකය ප්‍රශ්න කරමින් පවතින අතර හෙට(4) දිනයේ ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැව් කතාව විතරද මෙයා ගැන දන්නේ (දිල්)
නැව ගිලිලා නැද්ද (දිල්)
පහු ගිය රජය කාලේ, රජයේ උසස් නිලධාරීන් ගොඩක් දෙනෙක් ධන කුවේරයන් බවට පත් උනා. දැන් 'මග නැගුම' 'ගම නැගුම'ට එහෙම වෙච්ච දෙයක් නෑ. ඉතිරිවෙලා තියෙන්නේ රජයේ උසස් නිලධාරීන්ගේ 'මම නැගුම' පමණයි. (නදී)