(බිමල් ශ්‍යාමන් ජයසිංහ / ඡායාරූපය - එච්.එම්.ධර්මපාල)
කුරුඳුවත්ත බෞද්ධාලෝක මාවතේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසක දී වසර 300කට වඩා පැරණි අකුණු සන්නායකයක් පැහැරගත් බව කියන සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය පවසයි.
මෙම සැකකරුවන් ට සම්බන්ධ පොලිස් නිලධාරියකු ද වන බවත් ඔහු මේ වනවිට පළාගොස් ඇති බවත් ඔහු සොයා පරීක්ෂණ අරඹා ඇති බවත් පොලිසිය කියයි.
මීගමුවේ කෞතුක වටිනාකමකින් යුත් භාණ්ඩ අලෙවි කරන ස්ථානයක හිමිකරුවකුට කුළුතරදී එවැනිම ව්‍යාපාරිකයකු මීට පෙර රුපියල් කෝටි 14කට මෙය විකුණා දෙන ලෙස ලබාදී ඇති අතර සැකකරුවන්ට මේ පිළිබඳ දැනගන්නට ලැබී මිලදී ගන්නා බව පවසමින් පැමිණ එය කොල්ලකා ඇතැයි කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට රටේ පවතින කාලගුණය අනුව නොවුණත්,.. වැසි නැති හෙණත් වදින්න පුළුවන්... කෞතුක වටිනාකමකින් යුත් මෙම අකුණු සන්නායකය පැහැර ගැනීම ගැන !!! මෙයට සම්බන්ධයි කියන පුද්ගලයාගේ නිල කබායේ තිබෙන පිත්තල බොත්තම් වලට අකුණක් පහසුවෙන් ආදී එන්නත් පුළුවන් !!!