මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පවුලේ සාමාජිකයන් හා සහායකයන් ඩුබායි රාජ්‍යයේ බැංකු ගිණුම් තුනක ඇමරිකා ඩොලර් කෝටි 200ක් තැන්පත් කර ඇතැයි කියන සිද්ධිය ගැන සෙවීමට ශ්‍රී ලංකාව ඉන්දියාවේ සහායද පතා ඇතැයි ඉන්දියාවේ ‘ඉකොනොමික් ටයිම්ස්‘ සඟරාව කියයි.
රාජපක්ෂ රජය සමයේ ඩුබායි බැංකුවල තැන්පත් කළැයි කියන මෙම මුදල ගැන ශ්‍රී ලංකාව පරීක්ෂණ අරඹා ඇත.
රාජපක්ෂ පවුලට අයත් බව කියන එක් ගිණුමක ඩොලර් බිලියන 1.064 ක් ද අනෙක් දෙදෙනා වෙන වෙනම ඩොලර් කෝටි 50 ක් බැගින් ඇතැයි කියති.
මෙම මුදල් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාවේත් ඇමරිකාවේත් සහාය පතයි.
ඉන්දියා නිල ආරංචි පවසනුයේ ඩුබායිහි තැන්පත් කර ඇති බව කියන මුදල රාජපක්ෂ පවුලේ සමහර සාමාජිකයන් විසින් එතෙර යවන ලදැයි කියන මුදලින් 20%කට සමාන බවයි.
රාජපක්ෂ පවුල අවධාරණයෙන් කියා සිටිනුයේ මෙම චෝදනා පදනම් විරහිත බවයි. පවුලේ අය කිසිම වරදක් නොකළ බවයි.
ශාන්ත මාටින් දූපත්, හොංකොං, මැකාවු හා සීෂෙල්ස් හි ඇතැයි කියන ලංකා වත්කම් සොයා ගැනීමට උපකාරී වන්නැයි ගිය මාසයේ නව දිල්ලියට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දියාවෙන් ඉල්ලීමක් කළේය.
ඩුබායි කෙන්යා හා උගන්ඩාවෙන් ඉඩකඩම් ආයෝජනය කර ඇතැයි කියන අති විශාල මුදල් සම්බන්ධයෙන්ද සිරිසේන මහතා ඉන්දියාව සමග තොරතුරු හුවමාරු කර ගත්තේය.
මේ අතර ගිය රජයේ බලගතු දේශපාලනඥයන් දෙදෙනකු ඩුබායි බැංකුවක පවත්වාගෙන ගිය බව කියන ඇමරිකා ඩොලර් සිය කෝටියක (රුපියල් කෝටි 13300) බැංකු ගිණුමේ විස්තර ශ්‍රී ලංකා රජය සොරකම් කළ වත්කම් සොයා ගැනීමේ ලෝක බැංකු කාර්යාලයට බාර දී ඇත.
ඉන් එක් අයකු ගිය රජයට දැඩි පවුල් සබඳතාවයක් තිබූ බවත් ඔහු ඇමරිකා ඩොලර් කෝටි 53 (රුපියල් කෝටි 7045) ක් ද අනෙක් පුද්ගලයා එම පවුලේ කුදු මහත් වැඩකටයුතුවලට එතෙර මෙතෙරදී සහය දුන් බලවතකු බවත් ඔහු ඇමරිකා ඩොලර් කෝටි 52 (රුපියල් කෝටි 6912) කට ආසන්න මුදලක්ද ප්‍රධාන පෙළේ ඩුබායි බැංකුවක තැන්පත් කර ඇතැයිද කියති.
මෙම බැංකු ගිණුම් දෙකේ තොරතුරු වෙනත් කිසිවකුටත් ලබාගත නොහැකි ආකාරයෙන් එම අංශයේ කළමනාකරු ඊජිප්තු ජාතිකයකුගේ සෝදිසිය යටතේ පවත්වාගෙන යන බවත් මෙම මුදල් කොමිස් හා වෙනත් දූෂිත ආකාර වලින් උපයාගෙන ඇති බවත් මෑතදී මියගිය අරාබි නායකයකු තෑගි කළ වත්කම්ද ඊට අයත් බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයනවා හොයනවා ඉවරයක් නැ... මේ නාට්‍යන් කවද ඉවරවෙයිද කියල. දැන් අර වෙලේසුදා එලි කරපු දේශපාලනඥයන්ට මොකද වුණේ? මේවත් ඉතින් ඒ වගේම කතා තමයි. (ත)
කියන්නෙම බොරු හැම තිස්සෙම. (ත)
මං එ්ත් බැලුව ඩුබායි තිලක්ගේ නවතම සොයා ගැනීම අනුව හෙළිකරගත් එළාර රජ්ජුරුවන්ගේ කෝටි ප්‍රකෝටි ගානක් වටිනා ධන නිධානයට මොකද උනේ කියල..මේ ඩුබායි වලට පටවල තියෙන්නේ ඒවා තමයි එහෙනම්..ඩුබායි තිලක්නම් මාරයි..(බ)
සමහරුන් කියන දේවල්වලින් ඔවුන්ගේ බුද්ධි මට්ටම හෙළි වෙනවා. (ත)
ඔච්චර දේවල් හොයාගත්තා නම් ඉතින් නම් කියන්නකෝ.කාට බයේද හංගාගෙන ඉන්නේ? තොරතුරු පිටතට දෙන්නෙත් නැතුව රහසිගතව පවත්වාගෙන යනවා නම් කොහොමද මේ තරම් හොඳට දන්නේ? අපි මේ දේවල් යහපාලනය ආ දවසේ ඉඳලා උදේ හවා අහනවා.බයිලා වැඩක් නැහැ.ඔප්පු කරලා පෙන්වන්න. (නි)
විසිල් විතරයි , බල්ටි නැහැ . (නදී)
මේවා ඔප්පු කරල සල්ලි මහා භාණ්ඩාගාරටෙ එන කම් මේවා බොරු කියලා ඕනෑම කෙනකුට තේරෙනවා. (ත)
මේ දේවල් ඔක්කොම ඇත්ත. ඉදිරියේදී ඔක්කොම එලියට එ්වි. එදාට මෙතන උඩ බලාගෙන කෙල ගහපු කට්ටියට දුවන්න පාරක් නැතිවේවි. ජනතාවගේ ලේ බිපුව වමාරන්න වේවි ! (නදී)
ලංකාවේ ඉන්න හොරු අල්ලලා විස්තර රටට හෙළිකරන්නේ නැතුව පිට රටවල් වල බැංකු ගිණුම් ගැන කියනවා . ලේසියෙන්ම කරන්න පුළුවන් දේවල් කරන්නේ නැහැ මොකද ඔක්කොම හොරුනේ . බොරුවට චන්දදයකයෝ රවට්ටනවා. (නදී)
පට්ට හොරු .
තනිකර බොරු, චන්දෙට ඉස්සල්ලා කිව්වේ ෆයිල් අතේ තියාගෙන වගේනේ දැන් මොනවටද ඉන්දියාවෙන් අහන්නෙ (නදී)
"ඉන්දියා නිල ආරංචි පවසනුයේ ඩුබායිහි තැන්පත් කර ඇති බව කියන මුදල රාජපක්ෂ පවුලේ සමහර සාමාජිකයන් විසින් එතෙර යවන ලදැයි කියන මුදලින් 20% කට සමාන බවයි". රාජපක්ෂගේ වත්කම් හැටියට අන්තර්ජාලයේ තිබුනේ රුපියල් කෝටියේ ඒවා ලක්ෂ 120ක්. සෙල්ලම්ද? (නදී)
මෙම මුදල් මහජනයාට අයිති නිසා මේ අමාරුව වැඩියෙන්ම දැනෙන්නේ දුප්පත් ජනතාවටය. (නි)
ඉස්සර රුපියල් 3,200 ක් ගෙවල විදෙස ගත වුන අසරණය දැන් රුපියල් 11860ක් ගෙවන්න ඕනෑ. (ත)
තවත් අවරුදු දෙකක් තිබුණා නම් විකුණන්න දෙයක් නැති වෙනවා. (ත)
මේවා වෙන්න ඕනෑ ලිඛිත සාක්ෂි අතැතිවයි.ඒ ලැබුනත් උසාවියකින් වැරදිකරුවෙක් වෙනතුරු ඔහු අපරාධකරුවෙක්, වංචාකාරයෙක්,හොරෙක් වෙන්නේ නැහැනේ! (නි)
පුදුම පිරිසක්නේ. (ත)
මේවා අහලම එපාවෙලා තියෙන්නේ. (නි)
දෙතුන් දෙනෙකු වෙනුවෙන් මුළු රටේම මිනිසුන් බඩගින්නේ තැබූ හැටි? (නි)
කවුද මේක කියන්නේ?(දිල්)
අද වෙනකල් ඔය කියන එක්කෙනෙක්වත් අල්ලලා නෑනේ (දිල්)
දැනගන්න නම කියන්නකෝ. (නි)
යහපාලනයට ජය වේවා! (නි)
අපිට නම් දැන් මේ වගේ කතා අහලම එපාවෙලා. කියනවා විතරනේ! (නි)
අපි මේ සල්ලි ටික ඉල්ලාගෙන ණය ගෙවමු. අපි පරම්පරා ගණනක් ණයයිනේ! (නි)
ඉතින් ඔයදේවල් ඔප්පු කරන්න බැරි මොකද? (නි)
ලංකාවේ ඉහල පෙලේ හොරුන්ට ඇති බිය කොයි තරම්ද යත් නම ගම වත් ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. වෙලේ සුදා වගේ අයගේ නම් රැව් පිලි රැව් දෙනවා. (නදී)
මමත් දන්නවා. මටත් හිතාගන්න පුලුවන් (නි)
මේ ඔක්කොම කතා කිවුවා කියමුකෝ. කවුද දැන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ? කොච්චර දේවල් සොයාගත්තද ? දැන් කවුරුත් මහජනතාව විහිලුවට අරගෙන. (නි)
ඉතින් කිය කියා ඉන්නේ නැතුව අල්ලන්නකෝ අපිටත් බලාගන්න කව්ද හොරු කියලා. (නි)
අපිට ඒ කවුද කියලා හිතාගන්න පුලුවන් (නි)
මට නම් තේරුම් ගන්න බැහැ මිනිස්සු ගැන.රටක ජනාධිපති කියන්නේ රටේ රජුට. හිටපු මහින්ද ජනාධිපති මේ රටට කළ සේවය කෝටි ගණනක් වටිනවා මිනිසුනේ.රටට සාමය , ජනතාවට නිදහස,රට සංවර්ධනය අපි දැක්කා.අපේ රටේ මිනිස්සු දන්නේ ගන්න විතරයි.කළගුණය එම මොහොතේම අවසන්වෙනවා. (නි)
තව හිටියා නම් මොනවා වෙයිද? (නි)
හැබැයි ඔහොම කියපු ගොඩක් දේවල් නිකන්ම කතන්දර විතරක් වුණ ඒවාත් තිබෙනවා නේද? (නි)
මේක තමා ආශ්චර්ය කියන්නේ. තව ටිකක් හිතන්න කාලය තිබෙනවා (නි)
ඒවා ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් නම් පොළිය 15% ක් දක්වා ගෙවන්න පුළුවන් (නි)
චෝදනා නොවැදගත්. ඔප්පු කිරීම වැදගත් (නදී)
ආශ්චර්යය තමයි ඉතින් මේ (නි)
මේවා ඇත්ත නම් ඉතින් පරම්පරා හැටකට ගෙවන්න වේවි. (බ)
ඒ කාලේ අනුරුද්ද රත්වත්තේගේ බැංකු සේප්පු පිටින් තිබුනා. අල්ලලා බලනකොට හිස් සේප්පු! (නදී)
රට පිළි නොගන්නා සත්‍ය. අපේ අහිංසක මිනිසුන්ගේ ජීවිත අනාගත පරම්පරාව උකස් කර අවුරුදු දහස් ගණන් ජීවත් වෙන්න හිතාගෙන අපිව හුරන් කාපු අයටත්, අපිට මෛත්‍රී කරන්න වෙනවා. එ්ක තමයි බුදු වදන. ඒක ඒ ගොල්ලන්ගේ දැනීම. පලිගන්න ඕන නෑ දැන්වත් ක්‍රමය වෙනස් කරමු අනාගතය සුරක්ෂිත කරමු. (නදී)
කවුද මේ තිලක් ඩුබායි? එයා විතරනේ ඔක්කොම දන්නේ. අනේ ඉතින් මෙහෙම මිනිස්සුත් ලංකාවේ ඉපදුනානේ! (නි)
ඡන්දෙ දීපු අපි හොරු නේද ? (ම)
මහින්ද රාජපක්ෂ මහත්යාට ජනතා වරප්‍රසාදය වැඩි වේගන එන නිසා දැන් බලන්න කොහොමද පලි ගන්නේ කියලා (ම)
ඊළඟ මැතිවරණයට පෙර මහජන මුදල් කාබාසිනියා කළ අයගේ වතගොත දැනගන්න ලැබේවි. (නි)
"රාජපක්ෂ පවුල සහ පවුල් වනාන්තරය" රටට කරලා තිබෙන විනාශය මිනීමරු ප්‍රභාකරන් අවරුදු 35 කදී කල විනාශය වගේ 35 ගුණයකටත් වඩා වැඩියි කියල කියන්නේ නිකම් නෙමෙයි. (ම)
රුපියල් කෝටි 13300 ක් කියන්නේ "කජු ඇට කොස් ඇට" නෙමෙයි කියල දැන්වත් හිතපල්ලා මිනිසුනේ.(ම)
අධිවේගී මාර්ගයක එක අඩියක් හදන්න රුපියල් ලක්ෂ 28 ක්.ඒ කියන්නේ රත්තරන් දිය කරලයි පාර හදල තියෙන්නේ.(ම)
දේශපාලනයේ අත පොත් තියන පොඩි එකත් පටන් ගත්තේ ලක්ෂ 66,500 කින්.තව කුමට කතාද?(ම)
දැන් ඉන්දියාව නැතිවම බැහැ වගේ (නදී)
අනේ! මට නම් කෝටියක් කියන්නේ සිහිනයක් වගෙයි. සමහර අයට කජු ඇට කොස් ඇට ගාණයි. (නි)
පිරිත් නූල පැය 24ම දාගෙන තමයි හොරකම් කළේ. හොරකම් කළදේවල් හොයන එක නතර කරන්න. දැන් ආපසු සමහරු එන්න දඟලනවා. ලංකාව වැනි දුප්පත් රටකින් හොරකම් කළ අයට හොඳක් නම් වෙන්න එපා (නි)
අපේ රටට නොමිණිය හැකි මෙහෙවරක් කළ මිනිසෙකුට එරෙහිව සමහරු අපේ රටේ ස්වාධීනත්වයට බාධාකරන රටවලින් උදව් ඉල්ලනවා. අනේ ඇත්තට! මොවුන්ට කෙළෙහිගුණයක්වත් රටක අභිමානය ගැන හැඟීමක්වත් නැති හැටි. (නි)
ඔහොම යමු ඔහොම යමු. කලබල මොකදට හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. (නදී)
පට්ට හොරු පන්නා ගත්තා අනේ මිනිසුනේ දැන් වත් මොළේ පාවිච්චි කරපල්ලා. තවත් ඔය හොරුන්ට බලයට එන්න ඉඩ නොතබන්න. උන් හොරු නෙවෙයි කම්බා හොරු. (බ)
මෙන්න තවත් හිස් මුට්ටියක්, ටික දවසක් කියව කියව ඉඳි, ඊට පස්සේ කියන කට්ටියට ඕක අමතක වෙලා යයි! බොරු කියන එකෙයි හදන එකේයි සීමාවක් නෑ! (බ)
පිවිතුරු යහපාල, බන්දුල පෙරේරා පොඩ්ඩක් ඉවසල ඉන්න ඔයා කියන තරම් ඉක්මනට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ....එයාලගේ දේශප්‍රේමය සහ සල්ලි ප්‍රේමය ගැන ළඟදී දැනගන්න ලැබේවි....ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ (බ)
රටට උවමනාම දේ හොරු හිරේ ඇරල වීරයෝ කරණ එක නෙමෙයි. මේ සල්ලිවලින් පුලුවන් තරමක් ආපහු ලබා ගන්න එක. මේ සල්ලි ආපහු ගෙවන්න වෙන්නේ අසරණ ගෑණු පරාණ ළමයි මෙහෙදාල මැද පෙරදිග ගිහිල්ල හොයන ඩොලර් සොච්චමෙන්. ඒකයි ඒවා ආපහු හොයා ගන්න එක වඩා වැදගත්. හොර සල්ලි තැන්පත් කරන්නේ කියපු ගමන් ගිහිල්ල ඉල්ලගෙන එන්න පුලුවන් විදිවලට නෙමෙයි. සමහර විට ලංකාව වගේ රටකට එම සල්ලි නැවත ළබා ගන්න හැකියාවක් නැහැ. ඒක නිසා ඇමෙරිකාවේ, ඉන්දියාවේ, ලෝක බැංකුවේ උදව් ගන්න වෙනවා. සල්ලි අාපහු ආවාම දැන් සිල් රෙදි පොරවගන්න හදන අය ගැන දැනගන්න පුළුවන්. එතකන් ඉවසන්න වෙනවා. (ස)
තාමත් මේ මිනිස්සුන්ට කිසිම ලැජ්ජාවක් නැතුව මඩ ගහනවා. එ්කේ ඉවරයක් නැහැ. මේ චෝදනා හිත මතාම ගොතන ඒවා. එකක්වත් ඔප්පු කරලත් නැහැ . ඔප්පු කරන්නත් බැහැ. හරිම පිළිකුල් සහගතයි.(නදී)