කච්චතිව් දූපත යළි ලබාගැනීම සඳහා ඉන්දීය රජය වහා පියවර ගත යුතු බවට තමිල්නාඩු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඉන්දීය රජයට අවධාරණය කරති.
හින්දු පුවත්පත් වෙබ් අඩවිය අද (7) වාර්තාකර සිටියේ ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා පවත්වා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
වංචාවක් සම්බන්ධයෙන් හිරබත් කන ජයලලිතා ජයරාම් හිටපු මහ ඇමතිනියගේ නායකත්වයෙන් යුතු අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය මුතුවේල් කරුණානිධිගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය සහ සී.පී.අයි පක්ෂය ඇතුළු තමිල්නාඩු දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙම ඉල්ලීම කර ඇත. කච්චතිව් දූපත ඉන්දියාවට අහිමිවීම තුළින් තමිල්නාඩු ධීවරයින්ගේ ජීවනෝපායට අහිතකර බලපෑම් එල්ලවන බවද ඔවුහු කියති. කච්චතිව් ලබාගැනීමට තමිල්නාඩු රජය ඉදිරිපත් කළ පෙත්සමක්ද 2011 වසරේ සිට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබ්බට තියන අත පුහුලට නොතියාවිද? (නි)
අළු යට ගිනි (බ)
ඉන්දියාවෙන් ඉල්ලුවොත් ලැබෙයි. බයවෙන්න දෙයක් නැහැ. (නි)
බල්ලෝ බිරුවට හඳ කඩා වැටෙන්නේ නැහැ (නි)
කච්චතිවු වලට විතරක් නෙවෙයි රූපවතී, ඉන්දියාව කියන්නේ අපේ මුළු රටටම කෙළ හලන රටක්. එයාලගේ ඔය යටත්විජිත හීනේ නේරුගේ කාලේ ඉඳලාම එයාලා දකින එකක් නේ. (බ)
තවමත් මේ යම පාලනයට තේරුනේ නැත්ද ? තමන් මේ රට අාඝාදයට ගෙන යමින් සිටින බව. මේ රට ඉන්දියාවේවත් ,ඇමෙරිකාවේවත් කොලනියක් නොවන බව දැන ගත යුතුයි. (නදී)
දෙන්න, දෙන්න. ඔන්න ඔහේ දීලා දාන්න (නි)
මම ලංකාවේ හිටියා නම් ඩෝසරයක් අරගෙන ගිහින් ටික ටික ඔය කියන දුපත කපලා මහා මුදට දියවෙලා යන්න දෙනවා. එතකොට කවුරුවත් කෑගහන්නේ නැහැනේ..? මේ ඉන්දියාව කියන රට ඒ වටේටම ඇති අනෙකුත් සියලුම රටවල් සමග වෛරයි.ඒ ළඟ හැම රටකින්ම කෑල්ලක් ගන්න රණ්ඩුවෙන ජාතියක් තමයි මේ ඉන්දියාව කියන්නේ. (නි)
ඕක චීනෙට යම්කිසි ව්‍යාපෘතියක් කරන්න බාරදෙමු (නි)