ඓතිහාසික කච්චතිව් දූපතේ නාවික හමුදාව ශ්‍රමයෙන් ඉදිකළ වන්දානාකරුවන් 1500කට පමණ ඉඩකඩ ඇති නව ශාන්ත අන්තෝනී දේවස්ථානය යාපනය රෝමානු කතෝලික දියෝකීසිය වෙත භාර කෙරුණි.
ඉකුත් පෙබරවාරී 21 දින පැවැති කච්චතීව් මංගල්‍යය අවසානයේ ජස්ටින් ඥාණප්‍රකාශම් යාපනය දියෝකීසියෙ භාර අගරදගුරු පැවැසුහ.
201 මංගල්‍යයට පැරණි දේවස්ථානය වෙනුවට නව දේවස්ථානයක අවශ්‍යතාව පවතින බවයි.
ආචාර්ය පාතිනාදන්, ආචාර්ය පතිනාදර්, ජෝසප්තාස් ජෙබරත්නම් දියෝකීසයේ විකාර් ජනරාල්, ඩෙල්ෆ් මීසම් බාර ඒ ජේ ඇන්තනී ජෙයරන්ජන් පියතුමා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, උතුරු පළාතේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, යාපනයේ ඉන්දියානු කොන්සල් ජනාරාල් ශ්‍රි ඒ නටරාජන්, යාපනය දිසාපති එන් වේදනායගම්, උතුරු නාවික විධානයේ ආඥාපතී රියර් අද්මිරාල් පියල් ද සිල්වා ද එහි වූහ.
ඩෙල්ෆ් දූපතේ සිට කිලෝමීටර් 10ක දුරින් වර්ග කිලෝමීටර් 1.15ක භූමි ප්‍රමාණයක පිහිටි කච්චතිව් දූව පිහිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ රටේ පන්සල් ඩෝසර් කරනවා. අනෙත් ආගම් නඟාසිටුවන්නට කාට කාටත් ලොකු උවමනාවක් තියෙනවා. මෙහෙම ගියොත් සිංහල බෞද්ධයාට මොකද වෙන්නේ? (නි)
කොළඹට වෙලා ඉදලා නොදන්න දේවල් කමෙන්ට් කරලා වැඩක් නෑ ටෙෂාන් මල්ලි. හමුදාවෙන් කරන උදව් බලාගන්න යාපනය පැත්තට ගිහිල්ලම බලන්න. ඒ උදවිය නැත්නම් ඒවායේ කෑලිත් නෑ. (බ)
ඇයි එතකොට මහනුවර දළදා මාලිගාව, අස්ගිරි මහ විහාරයේ ඉදිකිරිම් කටයුතු වලට ප්‍රධාන දායකත්වයක් ලබාදෙන්නේද නාවික හමුදාවනේ (බ)
පලමුව අද නත්තල් දවසේ සුබ පතනවා නාවික රණවිරුවන් ඉදිකළ ඒ අගනා පල්ලිය දෙවියන්ට දුන් අයට දෙවනුව මේ සාමුහික බව බෞද්ධ ජනතාව කෙරෙහි ඇතිකොට පතුරන්නේනම් ඔවුනද අසමගියෙන් තොරව සාමුහික වෙයි වන්දනාවට මඩකලපු යන්න බැරි සිංහල බෞද්ධයන්ට විතරද ? ඔවුන් මිලෙචිඡද? යාහාපාලනය (බ)
පන්සල් හදන්න තමයි බැරි (නි)
මෙතන පන්සලකුත් හැදුවොත් නරකද? (නි)
මඩකළපුවේ පන්සල අළුත්වැඩියා කරන්නත් මේ වගේ සහයක් දුන්නොත් නරකද? (නි)
නාවික හමුදාව අප රටට කරන මෙහෙය අපි අත්දකිනවා. මොකද අපි ඉන්නේ මුහුදුබඩ වෙරළ තීරයේ නිසා. (නි)
සංහිඳියාව වැඩිවෙන්නේ මෙවන් දේවලිනුයි (නි)
හිරාන් හරි. හාමුදුරුවන් හිරේ දමනවා. එක පක්ෂයක බහුතරය අන්‍යආගමික. අනෙක දෙකට බෙදිලා මරාගන්නවා. බෞද්ධ ජනතාව අතරමංවෙලා (නි)
මෙතන විහාරයකුත් තිබුනා නේද? නාවික හමුදාවට එ්ක හදන්න බැරිද? (නි)
කුමාර, නමුත් හමුදාව ඔය කරන දේවල් දමිළ මිනිස්සු අගය කරනවද? (නි)
සෙබළුන්ගේ දහදිය මහන්සිය. මේ සියල්ලම මෙහෙම සංහිඳියාවක් වෙනුවෙන් දෙනකොට කාටවත් අමාරුවක් නැහැ. දුප්පත් පන්සල් වලට ආධාර කරන්න, ඩෝසර් කරන පුරාවස්තු ගැන කතා කරන්න ඉන්නේ ටික දෙනයි. මේ විනාශ වෙන්නේ අපේ උරුමයයි. (නි)
උතුරු නැගනහිර බෞද්ධ සිද්ධස්ථාන රැකගත්තේ නේවි එක. ඔවුන්ට අපගේ ප්‍රණාමය. පසුගිය රජය ඊට හොඳ අනුග්‍රහයක් දුන්නා. එහෙම කරද්දී තමා දැන් ආණ්ඩුවේ ඉන්න සමහර අවස්ථාවාදීන් කිවුවේ හමුදාව ඉන්නේ ඔය වැඩ කන්නද කියලා.මතකද? (නි)
බමුණුසේන, දමිළ මිනිස්සු අගය කරන්න ඕනෑ කියලා හදන්න අවශ්‍යතාවයක් නැහැ. හිත හොදින් කළොත් ඇති (නි)
හිරාන්, අනිත් ආගම්වල කට්ටිය සතියකට එකපාරක් හරි ඒගොල්ලන්ගේ ආගමේ කටයුතු වල යෙදෙනවා. ඕගොල්ලෝ මොකද කරන්නේ? අඩුගානේ මාසෙකට එක පාරක් හරි එන පෝයට පන්සලකට යනවද? මුලින්ම ඒවා හදාගන්න. (නි)
කොටි ත්‍රස්තවාදීන් කඩාබිඳ දමා තිබු මඩු පල්ලියත් අපේ යුධ හමුදාව මානුෂික මෙහෙයුම පවතිද්දීම අලුත්වැඩියා කරලා දුන්නා හැබැයි කිසිම හොඳක් නම් කිව්වේ නැහැ (නි)
මේවා කළයුතු වැඩ. (නි)
1975 ඔතන තිබුනේ එක පොඩි ශාලාවක්, කුඩා අල්තාරයක්, එක කුඩා පොල් ගසක් සහ ළිඳක්. ළිඳේ කපුටෙක් වැටී සිටියා මට මතකයි. නමුත් වතුර බොන්න බැහැ. අපි දින 3 පමණ සිටියා. බීමට වතුර ගෙනවිත් දුන්නේ නාවික හමුදාවෙන්. එක විශේෂත්වයක් තිබුනා රෑට මුහුදු වතුරට බැස්සම වතුරට යටවුණ කකුල් කොටස පුරාම කණාමැදිරියන් වහලා ඉන්නවා වගේ එළිය බුබුළු තිබුනා. අපි 6ක් පමණ සිටියා. සියලු දෙනාම මෙය දැක්කා. නමුත් ඒ කාලේ දැන් වගේ ෆොටෝ ගන්න පහසුකම් තිබුනේ නැහැ. (නි)
ඔය ඉන්නේ නාවික හමුදාපතිතුමා දැන් පින්තූරේ වැදගත් විදිහට වැදගත් වැඩක. (නි)
දැක්කනේ නාවික හමුදාධිපතිගේ තේජස! (නි)
අපේ රටේ හමුදා හා රජයෙන් අලුත්වැඩියා කරන්නේ නැද්ද විනාශවුණ බෞද්ධ විහාර විහාර? මේකද අපේ රටේ පවතින ක්‍රමය? (නි)
නාවික හමුදාව කරන නිහඬ මෙහෙය බොහෝ දෙනෙකු නොදනිති (නි)
මෙවන් කාර්යයන් කරන අපේ හමුදාව අපිට මහත් අභිමානයක් (නි)
ආඩම්බරයෙන් කියන්න පුලුවන් මේ මිනිසුන් මැද ඉන්න පතාක යෝධයා මේ සිංහල රටේ නාවික හමුදාපති කියලා. දීර්ඝායුෂ සෙන්පතිතුමනි! ජය ශ්‍රී!
අපි කවුරුත් එකම රටක එකම වැසියන් වෙමු (නි)
නාවික හමුදාව අසරණ ජනතාවගේ දුකට පිහිටවන ඔවුන්ගේ සිතට දැනෙන, ඉතා ඉහළින් අගය කළයුතු සුබසාධන වැඩ බොහොමයක් නිහඬව කරනවා. එය ප්‍රශංසනීයයි. (නි)
දැන් හොඳටම පැහැදිලියි රට යන්නේ වෙනමම පැත්තකට. සිංහල බෞද්ධයාට අබ සරණයි. පාර්ලිමේන්තුවේ බහුතරයකට රටට, තමන්ගේ ජාතියට, සම්බුද්ධ ශාසනයට මොනවා වුණත් කමක් නැහැ තමන්ගේ මල්ල පිරෙනවානම්. හැබැයි අනෙක් ජාතින්, ආගම් නියෝජනය කරන කට්ටිය තමන්ගේ වැඩ ටික ලස්සනට කරනවා (නි)
සෙනෙවි, ඔබ හරියට හරි. මඩකළපුවේ පන්සල අළුත්වැඩියා කිරීම ගැනත් හිතනවා නම් හොඳයි. (නි)
කච්චතිව් පල්ලිය වගේම රටේ සෑම ආගමික ස්ථානයක් සඳහාම නාවික හමුදාව උදව් කරනවා අපි දැකලා තියෙනවා. (නි)
ඇයි ඒ විතරක්ද? උතුරු පළාතේ නාගදීප විහාරයේ ඉදිකිරිම් කටයුතු මෙන්ම දඹකොල පටුන සංඝමිත්තා විහාරයේ ඉදිකිරිම් කටයුතු සහ එය පවත්වාගෙන යන්නේද නාවික හමුදාව විසින්මයි. නාගදීප විහාරයේ ලොකු හාමුදුරුවන් ඒ ගැන අපිටත් කිහිප වතාවකදි කියලා තියෙනවා. (නි)
මෙවන් දේවල් වැඩි වැඩියෙන් සිදුවිය යුතුයි (නි)
ඇයි නාවික හමුදාවනේ තව වැඩ ගොඩක් කරන්නේ (බ)
සුබ පැතුම් අපෙන්! (නි)
බුද්ධාගම ගැන කෑගහන වැඩි දෙනෙක් තමන්ගෙ පන්සලේ හාමුදුරුවො කවුද කියලවත් දන්නවද දන්නෙ නැහැ (නි)
සංහිඳියාව වැඩිවෙන එක ගැන අපිට හදවතින්ම සතුටුයි (නි)
ඒක නම් ඉතා අගය කළ යුතු වැඩක්, මේවා තමයි වෙන්න ඕන ආයේ යුද්ධයක් ඇති නොවෙන්න නම් පන්සල් විතරක් හදලා බැහැ ආගම් බේදයකින් තොරව සෑම ආගමකටම උදව් කරන්න ඕන. (බ)
ඒක හොද වැඩක්, යාපනය මුස්ලිම් පල්ලියත් හදන්න උදව් කරන්න (බ)