ඉන්දීය ධීවරයින් අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණ නීති විරෝධී ලෙස මසුන් මැරීම නතර කිරීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් කච්චතිව් දූපත ගැන ඉදිරියේදී ගැටලු ඇති නොවන බවත් ඉන්දීය විදේශ ලේකම් සංජෙයි බණ්ඩෙයි යාපනයේ කළ සංචාරය අතරතුරදී පැවසුවේය.
යාපනයෙන් පිටව යාමට පෙර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ලේකම්වරයා කියා සිටියේ ඉන්දීය ධීවරයින්ට ගැඹුරු මුහුදේ මසුන් මරන අන්දම පිළිබදව විශේෂ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන බවයි.
අදාල පුහුණුවෙන් පසුව ධීවරයින්ට අවශ්‍ය තාක්ෂණික උපකරණ හා සෙසු ආම්පන්න මිලදී ගැනීමට ඉන්දීය රජය ධීවරයින්ට මුදල් ආධාර සපයා දීමට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කැරෙන බවද එම වැඩ පිළිවෙල සාර්ථක වීමෙන් පසුව ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු සීමාවට නොපැමිණෙන බව තමන්ට විශ්වාස බවද ලේකම්වරයා සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd