(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
පාස්කු ඉරිදා දින සිදු වු ත්‍රස්ත ප්‍රහාරයට ලක්වු කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අද(07) සිට බැතිමතුන්ට සිය ආගමික වතාවත් සිදු කිරීමට විවෘත කෙරෙන බව ශ්‍රි ලංකා නාවික හමුදාව පවසයි.
උදෑසන 7සිට රාත්‍රී 7දක්වා ආගමික වතාවත් සිදු කළ හැකි අතර දිව්‍ය පුජාවන් නොපැවැත්වෙන බවද නාවික හමුදාව සඳහන් කරයි.
එම ප්‍රහාරයෙන් පසුව නාවික හමුදාව දේවස්ථානයේ පිළිසකර කිරීමේ කටයුතුවල නිරතව සිටිති.
දේවස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සදහා විශේෂ වැඩ පිළිවෙළක් සකසා ඇතැයිද ඒ අවට දැඩි ආරක්ෂාවක්ද යොදවා ඇතැයි නාවික හමුදාව සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සරණයි.! ජේසු පිහිටයි.!
ශාන්ත අන්තෝනි මුනිතුමා අපිට ආරක්ෂාව දෙන බව විශ්වාසයි.
දෙවියනි ඔබට ස්තුතියි
ආගමික භේදයකින් තොරව බැතිමතුන් මොනතරම් භක්තියකින්, විශ්වාසයකින්, ශාන්තවූ සිතින් වන්දනාමාන කළ තැනක්ද? දේවස්ථානය පිළිසකර කරත් ආධ්‍යාත්මයට සිදූවූ හානිය නම් පිළිසකර කිරීමට නොහැකි වේවි. සියලුදෙනාටම දෙවි පිහිටයි.
තමන්ගේ ස්ථානයවත් ආරක්ෂා කරගන්න බැරි එකේ අපිට මොන ආරක්ෂාවක්ද??? ලෝකය දකින්න, යථාර්තය දකින්න, දෙමාපියන්ගෙන් හෝ පරම්පරාවෙන් ලැබුන පලියට දේවල් විස්වාස කිරීමෙන් වලකින්න. මධ්‍යස්තව යම් කිසි දෙයක් දිහා බලන්න පුරුදුවුනොත් ගෝත්‍රික අදහස් වලින් පරිබාහිරව සත්තය දකින්න ලැබෙනවා අනිවාර්යෙන්ම.
පසුගිය දිනවල මේ ස්ථානවල සිදුවුණා දේවල් වලින් පෙනී යන්නේ දෙවියන්, යක්ෂයා, හාස්කම යන සියල්ල ඇත්තේ තමන්ගේම මනස තුළ පමණක් බවයි. එබැවින් මෙවැනි ස්ථාන වලට නොගියත්, තමන් උගත් දහමට අනුව අනුන්ට කරදරයක් නොවී යහපත් ජිවිතයක් ගතකල හැකිනම්, එය වඩා යෝග්‍ය යයි සිතමි.