ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ගැනීමට කිසිවකුගේ පස්සෙන් නොයන බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා කියයි.
පක්ෂය වෙනුවෙන් මහා වැඩ කොටසක් කළ තමාට නාමයෝජනා නොලැබුණහොත් වෙනත් වෙනම තරග කර පක්ෂයට ද්‍රෝහි නොවන බවත්, ඒ ගැන කණගාටු නොවී උපේක්ෂාවෙන් සිටින බවත් සිල්වා මහතා පවසයි.
ඔහු මෙසේ ද කියයි.
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා මගේ රස්සාව නැති වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා මගේ මල්ලි, නංගි සහ මස්සිනා මරා දැම්මා. මට තුවාල වුණා. හිරේ ගියා. තාත්තාගේ කඩේ කුඩු කළා.
එදා මැතිණිගේ ඡායාරූපය වාහනයේ ගහගෙන තිස්සමහාරාමයේ ඉඳන් කොළඹට ආවේ මා විතරයි.
මැතිණියවයි, මා සහ අනුර බණ්ඩාරනායකයි පක්ෂයෙන් ඉවත් කළායින් පසු ජයලත් ජයවර්ධන මහතා මාර්ගයෙන් ඩී බී විජේතුංග මහතා හමුවී එජාපයට ගියා. එජාපයෙන් පළාත් සභාවට සහ පාර්ලිමේන්තුවට ගියා.
නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආවා. මහින්ද රාජපක්ෂ මහතා මා කැලණියට දැම්මා. මා ගම්පහෙන් ජයග්‍රහණය කළේ තුන් වැනියට. ලංකාවෙන් හතර වැනියට. විශාල ඡන්ද ප්‍රමාණයක් අරගෙන දුන්නා.
කැලණියට ලොකු සංවර්ධනය කළා. ඒ ගැන කැලණිය නායක හාමුදුරුවන්ගෙන් දැනගන්නට පුලුවන්.
මුන්නේෂ්වරම් බිලි පූජාව නැවැත්තුවා. රුවන්වැලි සෑය සුදු පිරියම් කළා. අනුරාධපුරයේ කළ දේවල් ස්වාමීන්වහන්සේලා දන්නවා.
කැලණිය ගුවන් පාලම හැදුවේ දින හැට ගණනින්.
මා අපරාධකරුවකු නොවෙයි. මට එරෙහිව නඩු හබ තියෙනවද කියා ඔබ දන්නවා.
මම හිටපු මන්ත්‍රීවරයෙක්. මම ඉල්ලන් පස්සෙන් යන්නේ නෑ. මට එන්න කිව්වෙත් නෑ. නාමයෝජනා දෙනවා නම් අත්සන් කරන්න එන්න කියනවානේ. මට එන්න කිව්වේ නෑ. මාධ්‍යවලින් දැක්කා මට නාමයෝජනා නොදෙන බව.
නාමයෝජනා නොලැබුණත් පක්ෂෙට ද්‍රෝහි වෙලා වෙනම ඉල්ලන්නේ නෑ.
ජීවිතේ ගොඩක් අත්දැකීම්වලට මූණ දුන්නු මා නාමයෝජනා නොලැබීම ගැන හිතලා දුක්වෙන්නේ නෑ. උපේක්ෂාවෙන් බලනවා. මේ බිරියට වත් කාටවත් නාමයෝජනා ලැබුණේ නෑ. මම දේශපාලනයෙන් සමුගන්නෙත් නෑ. සමාජ සේවය දිගටම කරගෙන යනවා. නාමයෝජනා ලැබුණු අයට සහ නුදුන්නු අයට වෛර කරන්නෙත් නෑ. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දැක්කනේ ඉතින් වුණ හැමදේම (නි)
අනේ පව්! (නි)
පව්! දැන් ඉතින් මොනවා කරන්නද? (නි)
අයියෝ! එයාට දුන්නේ නැත්තෙ ඇයි? (නි)
ඒක හොදයි.(හේ)
බලාගෙන! තරහා නිවාගන්න. (නි)
දීලා තියෙන අය දැක්කම මොකද දන්නේ නැහැ මෙයාට දීලා නැත්තේ අනේ දෙන්නකෝ එතකොට පිලිතුර සම්පුර්ණයි.(හේ)
දැන් බණ භාවනාවක් කරගෙන හිටියොත් හොඳයි නේද? (නි)
අනේ පවු! (නි)
දැන් දනක් පිනක් කරගෙන හිටියා නම් හොඳයි නේද? (නි)
අපෝ යන්න එපා කවුරුවත් පස්සෙන්. (නදී)
නුඹට ඕවා හොඳ පාඩම්. (නි)
දැන්නම් පස්සෙන් යන්න කෙනෙක්වත් හොයාගන්න නැතිවෙයි (නි)
දිට්ට ධම්ම වේදනීය කර්මය පලදීලා වගේ (නි)
හොඳ වැඩේ තමයි වුණේ මෙයාට. (නි)
දැන් ඉතින් මොකද කරන්නේ මර්වින් මහත්තයෝ? (නි)
අබේරත්න-ටෝකියෝ,නියම අදහස ඔයාගේ. (නි)
එයාට දෙන්න බැරි මොකද? (නි)
අයියෝ අපි ඉතින් මොනවා කරන්නද? (නි)
මෙයාට නාමයෝජනා නොදීම සම්බන්ධව සමහරු ගොඩක් දුකෙන් ඇති නේද? (නි)
මදැයි සිල්වා මහත්තයට ගිය කලක් .(හේ)
හොද වැඩේ පන්දම් අල්ලන්න ගියාට .(හේ)
කළකම් පලදෙනවා කියන්නේ ඕකට තමා.(හේ)
ඔබ වගේ කෙනෙකුට නාමයෝජනා දුන්නේ නැති එක රටටම හොඳයි කියලයි මම නම් හිතන්නේ (නි)
ඒක හොඳයි (නි)
පසේ යන්න දෙයක් නැහැ මහත්තයෝ පස්ස බිම ඇණගෙන ඉවරනේ (නදී)
ආයෙත් වැඩ පටන්ගමුද අපි? (නි)
අනේ! නුඹ නැතුව කැලණිය දැන් පාලුවෙලා (නි)
දැන් කරන්න කිසිම දෙයක් නැහැ (නි)
ඔක්කොම මෙයාව එලවලා.(හේ)
දන්නවද මාළුවා නහින්නේ කට හින්දා කියලා. (නි)
උත්තරීතර ආයතනයට සුදුසු අය පමණක් යැවියයුතුයි (නි)
අන්න නියමයි. එහෙම තමයි ඉන්න ඕනෑ (නි)