(නිමන්ති රණසිංහ )
ජාතික කෞතුකාගාරයට අයුතු ලෙස ඇතුළු වී පෞරාණික භාණ්ඩ සොරකම් කරන ලදැයි කියන සිද්ධියකට අදාළව වසර පහක් රිමාන්ඩ් භාරයේ පසු වු ලන්සගේ ප්‍රියන්ත නොහොත් ‘කංගැට්ටා‘ කොළඹ මහාධිකරණයෙන් ලද ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.
ඇප ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ පහක පුද්ගලික බැඳුම්කරයට සහ රුපියල් ලක්ෂ පහ බැගින් වන ශරීර ඇපකරුවන් දෙදෙනකු ද වශයෙන් ඉදිරිපත් කිරිමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහරජායි එයාගේ සහෝදර යුව රජයි එයි දැන් ඇප දෙන්න !
මේක නම් මේ මිනිහා තනියම කරපු වැඩක් නෙමෙයි. වෙන බලගතු කෙනෙක් මේ ජාතික වස්තු සම්භාරය කොල්ලකාගත්ත. අන්න ඒ අයව නීතියේ රැහැනට කොටුකරගන්න ඕනි. මේ කන්ගැට්ටෙක් කරන්නේ කුලියට පෙනිසිටීමක්.