IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කිකිළිය කුළුඳුල් පැටවා බිහිකැර මැරේ

වැලිමඩ නැදුන්ගමුවේ කිකිළියක සිය කුළුඳුල් පැටවා බිහි කළාය. පැටවා ජීවත්වන නමුත් මව මියගියාය.බඩේදිම බිත්තරය තුළ සිටි පැටියා ඉපදි බිත්තරය අතරමග රැඳී පැළීගොස් පැටවා එළියට වැටෙන්නට ඇතැයි  වැලිමඩ පශු වෛද්‍ය පී.ආර්. යාපා මහතා කියයි. සත්ත්ව විද්‍යා පර්යේෂක දීපාල් වරකගොඩ මහතා පවසන්නේ කිකිළිය බිත්තර දමනවා හැර පැටවුන් බිහිනොකරන බවයි. කිකිළියකගේ බිත්තර සංසේචනය වූ වහාම එය බාහිරයට පැමිණෙන බවත් බිත්තර පිටවන අවස්ථාවේ ඒවා මොළොක් ස්වභායක් ගන්නා බවත් ඔහු පවසයි. බාහිර වායුගෝලය සමග එක්වීමෙන් පසු බිත්තරයේ කටුව ඝන වන අතර ඉන් අනතුරුව කිකිළිය තම ශරීරයේ උෂ්ණත්වය ලබාදෙමින් බිත්තර දින 21 ක් පමණ රැකීමෙන් පසු පැටවා බිහිවන බවද වරකාගොඩ මහතා කියයි. ඔහු පවසන්නේ කිකිළියගේ ශරීර අභ්‍යන්තරයේ උෂ්ණත්වය අධික බැවින් බිත්තරයෙන් ශරීරය ඇතුලේදී පැටවකු බිහිවීම විශ්වාස කළ නොහැකි දෙයක් බවයි.



අදහස් (0)

කිකිළිය කුළුඳුල් පැටවා බිහිකැර මැරේ

අම්ජාන් Wednesday, 25 April 2012 12:58 AM

ඔය වගේ වෙන්නේ අපේ ලංකාවේ තමයි

:       0       0

චතු Wednesday, 25 April 2012 10:48 AM

අනේ මන්දා මේවා කොහෙන් පටන් ගත්තද... කොහෙන් නතර වෙයිද කියලා...

:       0       0

එන්.පී.ජයසිංහ Wednesday, 25 April 2012 03:01 PM

මේක කුකුළන්ගේ ආත්ම ප්ලෑන් එකක්...

:       0       0

කුකුල් හාමි Wednesday, 18 April 2012 06:04 PM

අනේ අපේ රටේ පශු වයිද්‍යවරුන්ට ග්ලවුස් ජෝඩුවක්වත් නෑනේ.

:       0       0

ලංකේශ්වර Wednesday, 18 April 2012 06:16 PM

වෙනසක් කරන්න උත්සාහ කරපු කිකිළියෙක්. ඔහොම තමා ස්වභාවය. වෙනස් අළුත් පරපුරක් වෙනුවෙන් ජීවිතය පුදන්න වෙනවා.

:       0       0

අමිල කටුනායක Wednesday, 18 April 2012 06:40 PM

විරල සිදුවීමක්

:       0       0

ලංකාපුතා Wednesday, 18 April 2012 06:42 PM

අබුද්දස්ස කාලේ.... එහෙන් පාද හයක ළමයෙක්. මෙහෙන් කිකිළි පැටව් දානවා. අරහෙන් සුදු සහ කළු නිවුන්නු. අනේ මන්දා...........

:       0       0

අලිබබා Wednesday, 18 April 2012 07:00 PM

තව ඉදිරියට ෙමවැනි ෙද්වලට වඩා පුදුම උපදවන ෙද් සිදුවන බව අාගමික ගූන්ථවල සදහන්ව තිබෙනවා.

:       0       0

සමන්ත Wednesday, 18 April 2012 07:20 PM

අබුද්දස්ස කාලෙ‍‍් ඔය වගේ දේවල් වෙනවා

:       0       0

අංජුල (පැල්මඩුල්ල) Monday, 23 April 2012 02:56 PM

අයියෝ මෙහෙම ගියොත් බිත්තර කාලත් ඉවරයි...

:       0       0

ශරන් Wednesday, 18 April 2012 08:30 PM

මාරවැඩේ...........!!!!!!!!!!!

:       0       0

ඉවන් Wednesday, 18 April 2012 08:50 PM

බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක්..

:       0       0

ලාල් ගලබඩ, ඉතාලියේ සිට Wednesday, 18 April 2012 09:46 PM

මාද සත්ත්ව ගොවිපලක්‌ කලකට ඉහත පවත්වා ගෙන ගිය කෙනෙක්‌ වශයෙන්,අත්දැකීම් මතින් දීපාල් වරකාගොඩ මහතාගේ නිගමනය අනුමත කරමි.නමුත් මේ කාලයේ හුගක්‌ දේ කනපිට ගිහින්නේ තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site