ලග්ගල තෝරපිටියේ උත්සව සමයේ වැඩි මිලට අළෙවි කිරීමට ගෙන ආ මත්පැන් බෝතල 31 ක් කුකුළු කූඩුවක සඟවා තිබියදී පියා සහ පුතා සමඟ අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලීසිය කියයි.
සිවිල් ආරක්ෂක භටයින්ගෙන් ලැබුණු තොරතුරක් අනුව මෙම වැටැලීම සිදු කැර ඇත.
නිවස පිටුපස කුකුළු කූඩුවේ දහයියා ගොඩේ සඟවා තිබීයදී සොයා ගත් මෙම මත්පැන් තොගයේ වටිනාකම රුපියල් හතලිස් දහසක් පමණ වන බවද පොලිසිය සඳහන් කරයි.
පියා සහ පුතා අද (05) නාවුල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිත්‍යානුකුලව මත්පැන් බෝතල් කීයක් ගෙදර තබාගත හැකිද? තමන්ගේ ගෙවල්වල 'ස්ටොක්' එකක් තියෙන බව මහා උජාරුවෙන් කියන අය අප අතර ඉන්නවා.(දිල්)
අපේ රටේ සමහරක් දේවල් ගැන කතා කරන්නත් ලැජ්ජයි. හරියට දුවන්න දීලා පිටුපස්සෙන් පන්නනවා වගේ වැඩක් තමයි මේකත්.(නදී)