කුඹුරේ වැපිරීමට සකස් කළ පැල වී කුකුළන් කෑවේයැයි කියන සිද්ධියක් මත අසල් වැසියන් අතර ගැටුමකින් තරුණයකු මිය ගොස් තිදෙනෙක් පිහි ඇනුම් කා රෝහල් ගත කරනු ලැබ සිටිති.
ඔවුනට පහර දුන්නැයි සිකපිට පියෙක් ද, පුත්තු දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.
තුවාල ලැබූ පිරිසේ පියෙක් හා පුත්තු දෙදෙනෙක් ද වෙති. මිය ගියේ ද පුතෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තට අපේ මිනිස්සුන්ටත් තියෙන පිස්සුවක්! මේක මීනීමරාගන්න දෙයක්ද? (නි)
ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය (දී)
අනේ මෙහෙමත් මිනිස්සු (දී)
සත්තු නිසා මිනි මරා ගන්නවා මම දැක්කාමයි (දී)
ජීවිතයකින් වන්දි ගෙවන්න තරම් මිනිස්සු දරුනු වෙනවද (දී)
මම හිතුවා කුකුලා කොටලා මරලා කියලා (දී)
වැඩි දඩුවමක් ලැබෙන්නේ නැහැ හදිස්සි කෝපය නිසා (දී)
ඉවසීම නැති තරම හදිස්සි කෝපය මොනතරම් අපරාධයක්ද කලේ (දී)
මෙහෙමත් මිනිස්සු හඳන්න බෑ.(හේ)
මේ ප්‍රශ්නය කතා කරලා විසඳ ගත්තා නම් මේ වෙන කොට කවුරුත් නැති වෙන්නේ නෑනේ.(හේ)
දැන් සමාජය ඉවරයි.(හේ)
මේ දේ නිසා ජීවිත කීයක් දැන් විනාසද?(හේ)
පොඩි ප්‍රශ්නයකට ඔය තරම් විනාශක් කරගෙන තියෙන්නේ.(හේ)
ඉවසීම නැති කමයි මේ හැම දේටම මුල.(හේ)
ඉවසීම නැති තරම හදිසි කෝපය මොනතරම් අපරාධයක් කළාද?(හේ)
ඉවසීම නැති තැන. හදිසි කෝපය මොනතරම් අපරාදයක් කලද. (ර)
අපේ රටේ මිනිසුන්ගේ ක්‍රෝධය සම්බන්ධ ජාන වල වැඩිවීමක් ඇති (නි)
කලබල වෙන්නේ නැතුව කුකුළ කාපු වී වල අලාභය ගෙව්වානම් මේ ප්‍රශ්නය හොදට විසදෙනවානේ. මිනිස්සුන්ගේ කලබල විම් හා වැරැද්ද පිළිගන්න තිබෙන අකමැත්ත නිසා සිදුවෙන දේවල් තමයි. හරක් බල්ලෝ කුකුල්ලු හදනවානම් අනික් අයට කරදරයක් නොවෙන්න හදන්න ඕන.(හේ)
ශ්රී ලංකාවෙද ? (නදී)
අයියෝ මෙහෙමත් මෝඩ මිනිස්සු.ඉවසීමක් නැති එකේ වරද?(දිල්)
අලාබය වැඩිම උනොත් රුපියල් දෙසීයක් ඇති. දැන් ඒ වගේද තරුණ ජිවිතයක් අපරාදේ නැති උනා. ඉතිරි උන අයත් මැරුන හා සමානයි. අවුරුදු 10ක් විතර හම්බ කරපු සල්ලි. නය වේවි හරි පෙරකදොරුවන්ට දිදී දුක්විදින්න වේවි. අවසානයේ හිරෙත් ඉන්න වෙනවා. (නදී)
හෙඩින් එක සත්ව සමාජයට හරි නැහැ නේද ? (ර)
කුකුලෙක් ඕන නම් වී ග්‍රෑම් 400-500 ක් කයි. ඕකටද දෙයියනේ මේ මිනී මරලා තියෙන්නේ. අපි නම් සත්තුන්ට අඬ ගහලා කන්න දෙනවා. උන්ට බඩගිනි උනාට එක කාටවත් කියන්න බැහැ නේ. ඒ නිසා සියලු සතුන් කෙරෙහි අනුකම්පාවෙන් බලන්න පුරුදු වෙලා හිටියනම් අද මේ අවාසනාවන්ත දේ සිද්ධ වෙන්නේ නැහැ නේද? (ර)
නම් ටිකත් දාන්න කට්ටියගේ. (නි)
තරඟකාරී සමාජය සහ අධිවේගී චින්තන නිසා ජීවිත බිලිවෙනවා අපරාදේ. පුතෙක් ලොකුමහත් කරන්න කොච්චර වෙහෙසෙන්න ඕනෑද? වී ටිකකට ඉවසන්න බැරිවුණා නේද? (නි)