(විනීතා එම්. ගමගේ)
කළුතර විනාශයට හේතු වු කුකුලේගඟ දොරටු ඇරීම පිළිබඳ පුර්ව නිවේදන කිසිවක් සිදු වී නැතැයි උපාය මාර්ගික සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ක්‍රිස් ධර්මකීර්ති මහතා චෝදනා කරයි.
කුකුලේගඟ ව්‍යාපාරයේ වේල්ලට හානි වීමට පෙර එහි දොරටු හැරි බව එහි ඉංජිනේරුවරයා පවසා ඇතත් ඒ පිළිබඳ කිසිදු අංශයකින් ජනතාව දැනුම්වත් නොකළ බව ද ධර්මකීර්ති මහතා කියයි.
විශේෂයෙන් තාමත් පහසුවෙන් ජංගම දුරකතනවලින් කෙටි පණිවුඩ එවිය හැකිව තිබිය දී ආපදා කළමනාකරණ අංශ තම වගකීම් ඉටු කර නැතැයි ද හෙතෙම චෝදනා කළේය.
ධර්මකීර්ති මහතා මෙම අදහස් පළ කළේ අද(1) පෙරවරුවේ ජාතික පුස්තකාලයේ පැවැති ශ්‍රී ලංකා ජාතික මහ සභාවේ මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි අපේ රටේ තත්ත්වය. දෙයක් වුණාට පස්සේ තමයි ඔක්කොගේම ඇස් ඇරෙන්නේ....
2016 කැළණි ගඟේ මහ ගංවතුර ගැලීමටත් හේතුව ලක්ෂපාන දොරටු ඇරීමයි. ජනතාව දැනුවත් නොකර ඒ වැරැද්දම මේ සැරෙත් කරලා වගේ...