පානදුර හිරණ පාරේ, තන්තිරිමුල්ල තිලක මාවතේ පදිංචි ඩබ්ලිව්. ලක්ෂ්මි සොයිසා මහත්මිය (60) ගේ පාදය සඳහා සැත්කමක් කිරීමට රුපියල් ලක්ෂ 6ක මුදලක් අවශ්‍යව ඇත.
ඇගේ සැමියාවන එච්.කේ.ජේ.සොයිසා (70) මහතාට ද රැකියාවක් නොමැති අතර සැත්කම සඳහා ඇය පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතයි.
දියවැඩියා රෝගයෙන් විසි වසරක් පුරා පීඩාවිඳින ඇයට වසර 11කට පෙර වකුගඩු බද්ධයක් ද සිදුකැරුණු අතර මීට පෙර වෛද්‍යවරු කියා තිබුණේ ඇගේ දකුණු පාදයේ දණ හිසින් පහළ කොටස කපා දැමීමට සිදුවන බවයි.
නමුත් ලංකා හොස්පිට්ල්ස් හි වෛද්‍ය අමෝද් හරිප්ගේ ඇගේ පාදය සැත්කමක් මගින් රැකගත හැකි බව දන්වා ඇත. ඒ සඳහා වන රුපියල් ලක්ෂ හයක මුදල එකවර තැන්පත් කළ යුතුව ඇත. දැනට රුපියල් එක් ලක්ෂ අසූ දහසක මුදලක් එකතු කර ගැනීමට ඇය සමත්ව සිටින්නීය. ඇගේ සැත්කමට උපකාර කිරීමට කැමති අයකුට සම්පත් බැංකුවේ පානදුර ශාඛාවේ එච්.කේ.ජේ.සොයිසා නමින් ඇති 102657237701 දරණ ගිණුමට මුදල් බැර කරන ලෙසද වැඩි විස්තර සඳහා 0723095047 අංකයට ඇමතිය හැකි බවද ඇය ආයාචනය කරන්නීය.
කකුල කැපිය යුතු බවට කර ඇති වෛද්‍ය නිර්දේශය







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෙනෙක් රුපියල ගණනේ හරි දුන්නොත් ලොකු පිනකි. (නි)
මට පුලුවන් විදිහට ආධාරයක් කළා. අපි පුළුවන් විදිහට උදව්වක් කරමු (නි)
ජනාධිපති අරමුදලෙන් ලක්ෂ එකහමාරක් ගන්න පුළුවන් නේද. ඇමති කෙනෙකුට නම් එහෙම සීමාවකුත් නැහැ (නි)
ලංකාදීපය සපයා ඇති තොරතුරු මත විශ්වාසය තබමින් හැකි පමණින් ආධාරයක් කලෙමි. (ම)
පව් අසරණ මනුස්සා ..කකුලක් බේරගන්න හැකියාව තියෙනවානම් අයි ඒ කකුල කපන්න නිර්දේෂ කරන්නේ ..? මටහැකි අයුරින් උපකාර කරමි ..! (ම)
ඒ අම්මාට මම කතාකළා. මුදලක් බැරකළා. ඔබත් පුළුවන් උදව්වක් කරන්න (නි)
ඔව් අමතිලට කෝටි ගණන් දෙනවා පව් මේ අසරණ ගැණු කෙනා.අපිත් මොන හරි කරමු (හේ)