අනුරාධපුර දිස්ත්‍රක්කයේ කැකිරාව නගරයේ පදිංචි ආර්.එස්. සමරනායක මහතා සිය ගෙවත්තේ අක්කරයක සාර්ථක අන්නාසි අස්වැන්නක් ලබයි. ගම්පහ දිස්ත්‍රික්කයට සිමා වී ඇති අන්නාසි වගාව ඔහු අත්හදා බැලීම සඳහා වගා කර ඇත. මේ දිනවල සිය අස්වැන්න කිලෝවක් රු 80 බැගින් අලෙවි වන බව කියයි. රජයේ සේවයෙන් විශ්‍රාම ගත් සමරනායක මහතා සිය ගෙවත්තේ පොල් වගාවේ යටි වගාවක් ලෙස අන්නාසි වගා කර ඇත. ඕනෑම කෙනකුට තම අත්දැකීම් කියා දීමටත් අන්නාසි වගාවට අවැසි පැල ලබාදීමටත් හැකි බව කියයි .

![DSC05516[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC055161.jpg)
![DSC05538[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC055381.jpg)
![DSC05540[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC055401.jpg)
![DSC05551[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC055511.jpg)
![DSC05562[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/DSC055621.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ තව ටිකක් ඔය ගෙඩි ටික ගහේ තියෙන්න අරින්න .. එතකොට හොදට පැහෙනවා. රසයි .. කාබයිට් ගොඩක් ගහලා මිනිසුන්ට ලෙඩ බෝකරන්න ඕනේ නැහැ එවිට..? අනික මේවා හදන විට පොහොර නොදා හදනවානම් තමයි වටිනාකම ..? (ර)
රූපවතියේ , හොඳට ඉදිලා විකුණගන්න බැරි උනොත් උඹ ගන්නවද මගේ රත්තරනේ ? (නදී)
දැක්කමත් හිත පිරෙනවා. මමත් ආසම වගාවක් තමයි ගෙවතු වගාව. (නදී)
පැලයක් හිටවලා, ලොකු මහත් කරලා ඵලදාව ලබනකොට හිතට දැනෙන සතුට මොන තරම්ද කියලා විස්තර කරන්නත් අමාරුයි. (ර)
මගේ මෙහෙ ගෙවත්තේ ලංකාවෙන් ගෙනාපු අන්නාසි පැල දෙකක්, කරත්තකොලොම්බන් පැළයක්. කරපිංචා ගහක්, රම්ප ගහක්, මේ වසරේ පැලවූ කොස් පැල දෙකක් ඇත. ආසාවේ බැහැ අලුතින් කොලයක් ඇවිත් තියෙනවා දැක්කම. (ර)
මා දන්නා හැටියට නම් අන්නාසි ඕනෑම තැනක හිටවන්නට පුළුවනි. නමුත් කැකිරාව අනුරාධපුර වගේ පළාත් වල බොහෝ සර්ප ගහන ප්‍රදේශයි. අන්නාසි වලට හරියට නයි පොළොංගු එනවා. ඒ නිසයි ගම්පහට සීමා වෙලා තියෙන්නේ. බෙහෙත් ගැසීමත් අනිවාර්යයි. නැත්තම් එකට පූදින්නේ නැහැනේ අදායමක් ගන්න බැරි වෙනවා. (ර)
පිටබැද්දර ජයා ..අය්යියේ ..ඔයාගේ හේනේ ඒවාද ..අයියෝ ..බය වෙන්න එපා "එසැණ අපි " සේරෝමල ගන්නවා එක පයින් ..?(ස)
පට්ට පට පට කටට ටකලත් එනවා අන්නාසි දැක්කාම (ම)
කවුද රහින්නෙ නැතුව අන්නාසි කැපුවේ .. (ම)
කොහේ හැදුවත් කමක් නැහැ, වස විස එක් කරන්න එපා මහත්තයෝ. ආදර්ශවත් මනුස්සයෙක්, විශ්‍රාම දිවියට අරුතක් (නදී)
කොහොමද එයාව හම්බවෙන්නේ ? (නදී)
ඕවට කෘමි නාශක ගහල නැද්ද කියල කියනවද (නදී)
අයියෝ රත්නායක සහෝදරයාගේ කටට කෙල ආපු තරම කියනවා නම් වචනෙත් පැටලිලා. කොහොම උනත් අපේ අන්නාසි දැක්කම සතුටු තමා ඔබ තුමාගේ ව්‍යාපාරය තව තවත් දියුණු වේවා කියා ප්‍රර්ථනා කරන්නම් (නදී)
කැකිරාව පැත්තේ පස මිදි වගාවටත් යෝග්‍යයි (නදී)
මේ අන්නාසි කපල තියෙන්නේ අමුවෙන්. ඒ කියන්නේ බෙහෙත් දාලද ඉදවන්නේ ? (නදී)
ජුන්ඩා,, ඵ්ව කපලා තියෙන්නෙ අපට කන්න නොවෙයි . ඵ්වා භෙට අනිද්ද තාප්ප වල ඇලවිලා ඉන්න අයට කන්න. (ර)