IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කැකිරාවේ කත වසර 13කට පසු ගෙදර

සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස වසර 13 ක් රැකියාව කරමින් සිට එම කාලය පුරාවටම වැටුප් හෝ නිවාඩු නොලබා සිටි කැකිරාවේ එම් එච් ධනවතිට ලැබිය යුතු හිග වැටුප් සහ ගුවන් ගමන් ගාස්තු ලෙස සෞදි රියාල් 62.000 (ලංකා රුපියල් ලක්ෂ දහඅටක් ) පමණ ලබා ගත බව රියාද් තානාපති කාර්යාලයයේ කම්කරු නිලධාරි රොෂාන් ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පැවසුවේ පසුගිය සඳුදා නැගෙනහිර පළාතට ගොස් අදාළ හාම්පුතා මුණ ගැසීමෙන් අනතුරුව ලබාගත් මුදල් දැනට තානාපති කාර්යාල ගිණුමක තැන්පත් කර ඇති බවයි.

ඉදිරි දින කිහිපයේදී  ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාලය මගින්  ධනවතිගේ ගිණුමකට බැර කිරීමට කටයුතු යොදන බවත් ඔහු කියයි. 

ධනවති මහත්මිය ඉතා ඉක්මනින් ලංකාවට යැවීම සදහා මේ දිනවල කටයුතු කරමින් සිටින බවත් රොෂාන් මහතා සඳහන් කරයි 

DSC03848 DSC03852

 

 



අදහස් (0)

කැකිරාවේ කත වසර 13කට පසු ගෙදර

ගයාන් සමරනායක Sunday, 22 March 2015 08:11 AM

බුදුන්ගේ සරණයි ඔබතුමා මේ කරන පින්කමට. මේවා පාඩම් හැටියට රැගෙන අහිංසක අම්මව,නංගිව,අක්කව,මේ රටවලට එවන්ඩ එපා. අපි දන්නවා කොතරම් වද විදිනවද මෙහාට ඇවිල්ල කියලා. (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Sunday, 22 March 2015 08:11 AM

රජය මැදිහත් වී මුදල් ආරක්ෂිතව තබා ගැනීමට පියවර ගන්නේ නම් වඩාත් හොඳයි. දැනටමත් මේ බව දැනගත් බොහෝ දෙනෙක් ඉව අල්ලමින් සිටින බව කිව යුතු නොවේ. (දිල්)

:       0       0

ප්‍රසන්න Sunday, 22 March 2015 08:16 AM

අවරුදු 13 නිවාඩු නැතුව වැඩකරලා අන්තිමට ගුවන් ටිකට් ගාස්තුත් එක්ක ලක්ෂ 18 ද ලැබෙන්නේ? මාසෙට පඩිය කීයටද වැඩ කරලා තියෙන්නේ? පව් කියල හිතෙනවා. (නදී)

:       0       0

පද්මිණි Sunday, 22 March 2015 09:29 AM

මෙම මුදලට අමතරව වන්දි වශයෙන් රුපියල් කෝටියක්වත් දියයුතුයි. වසර 13 ක් කියන්නේ සෙල්ලම්ද? (නි)

:       0       0

උදය Sunday, 22 March 2015 10:32 AM

මීට වඩා ලංකාවේ ගෙදරක වැඩ කළා නම් ගන්න පුළුවන්.මේක තමා සෞදි රැකියා වල යථාර්ථය. එහෙ රැකියා වලට සිංහල කාන්තාවෝ ගිහිල්ලා වෙන්නේ යහපතට වඩා අයහපතක්.යනවා නම් වෙන රටකට ගියා නම් පණපිටින් එන්න හරි පුළුවන්.සෞදි යනවා නම් නැවත එන ආශාව අත්හැරලා ජීවිතේ ඉතුරුටික ගෙවාගන්න යන්න (නි)

:       0       0

සෙනරත් Sunday, 22 March 2015 10:45 AM

ඒ උනාට අපිට රුපියල් 20,000 ක් දුන්නත් ගෙදර අත් උදව්වට ගැහැණු කෙනෙක් සොයාගන්න බෑ. මේ මිනිස්සු පිටරටවල ගිහින් සුළු වැටුපකට දුක් විදිනවා. (නදී)

:       0       0

වෙල්ගම Sunday, 22 March 2015 11:13 AM

ඇයට යම්කිසි නරක කාලයත් තිබිලා එය ගෙවා හමාර කරන්න ඇති (නි)

:       0       0

නුවන් Sunday, 22 March 2015 11:40 AM

මෙහෙම අසරණ වී ඇති තවත් කාන්තාවන් කොපමණ ඇද්ද? (නි)

:       0       0

සංජය Sunday, 22 March 2015 11:39 AM

මේක හරියට වසර 13ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් වගේ. මෙහෙ ගෙවල් වල පැය 24 ම වුණත් වැඩ කරන්න සූදානමින් ඉන්න ඕනෑ. විදේශ සේවා එකෙන් මේ අය ගෙදර යවන එක හරිද? මෙහෙම කරදර වෙන අයට සරණ වෙන්න මේ අරමුදල් යොදවනවා නම් පිනක්. (නි)

:       0       0

විදුරන්ග Sunday, 22 March 2015 11:44 AM

මෙවැනි කාන්තාවන් ගැන සොයාබැලීමට යම්කිසි ක්‍රියාමාර්ගයක් නව රජයෙන්වත් ගන්නවා නම් හොඳයි (නි)

:       0       0

සමන්ත පුෂ්ප කුමාර Sunday, 22 March 2015 12:22 PM

මේ මුදල නම් බොහොම මදි. මීටවඩා මේ ගැන සොයාබලන්න ඕනෑ (නි)

:       0       0

සමන්ත පුෂ්ප කුමාර Sunday, 22 March 2015 12:36 PM

මැදපෙර දිග යන කාන්තාවන් ගැන රජය මීටවඩා වගකීමෙන් කටයුතු කළ යුතුමයි. ඔවුන්ගේ බිරිඳට , නංඟීට මෙහෙම දෙයක් වුණොත් දැනේවි. නැත්නම් හැමදාම අපේ අයට මෙහෙම තමයි. (නි)

:       0       0

සෑම් Sunday, 22 March 2015 12:43 PM

අවුරුද්දකටම මෙච්චරද? (නි)

:       0       0

රියාස් Sunday, 22 March 2015 12:47 PM

රියාල් 62000 ක් කියන්නේ ඒ රටේ අයගේ මාසයක සාමාන්‍ය පඩියක්. ඒක කජ්ජක් වගේ ඒ අයට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 89 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 885 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site