සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස වසර 13 ක් රැකියාව කරමින් සිට එම කාලය පුරාවටම වැටුප් හෝ නිවාඩු නොලබා සිටි කැකිරාවේ එම් එච් ධනවතිට ලැබිය යුතු හිග වැටුප් සහ ගුවන් ගමන් ගාස්තු ලෙස සෞදි රියාල් 62.000 (ලංකා රුපියල් ලක්ෂ දහඅටක් ) පමණ ලබා ගත බව රියාද් තානාපති කාර්යාලයයේ කම්කරු නිලධාරි රොෂාන් ගුණවර්ධන මහතා පවසයි.
ඔහු පැවසුවේ පසුගිය සඳුදා නැගෙනහිර පළාතට ගොස් අදාළ හාම්පුතා මුණ ගැසීමෙන් අනතුරුව ලබාගත් මුදල් දැනට තානාපති කාර්යාල ගිණුමක තැන්පත් කර ඇති බවයි.
ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාලය මගින් ධනවතිගේ ගිණුමකට බැර කිරීමට කටයුතු යොදන බවත් ඔහු කියයි.
ධනවති මහත්මිය ඉතා ඉක්මනින් ලංකාවට යැවීම සදහා මේ දිනවල කටයුතු කරමින් සිටින බවත් රොෂාන් මහතා සඳහන් කරයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන්ගේ සරණයි ඔබතුමා මේ කරන පින්කමට. මේවා පාඩම් හැටියට රැගෙන අහිංසක අම්මව,නංගිව,අක්කව,මේ රටවලට එවන්ඩ එපා. අපි දන්නවා කොතරම් වද විදිනවද මෙහාට ඇවිල්ල කියලා. (නදී)
රජය මැදිහත් වී මුදල් ආරක්ෂිතව තබා ගැනීමට පියවර ගන්නේ නම් වඩාත් හොඳයි. දැනටමත් මේ බව දැනගත් බොහෝ දෙනෙක් ඉව අල්ලමින් සිටින බව කිව යුතු නොවේ. (දිල්)
අවරුදු 13 නිවාඩු නැතුව වැඩකරලා අන්තිමට ගුවන් ටිකට් ගාස්තුත් එක්ක ලක්ෂ 18 ද ලැබෙන්නේ? මාසෙට පඩිය කීයටද වැඩ කරලා තියෙන්නේ? පව් කියල හිතෙනවා. (නදී)
මෙම මුදලට අමතරව වන්දි වශයෙන් රුපියල් කෝටියක්වත් දියයුතුයි. වසර 13 ක් කියන්නේ සෙල්ලම්ද? (නි)
මීට වඩා ලංකාවේ ගෙදරක වැඩ කළා නම් ගන්න පුළුවන්.මේක තමා සෞදි රැකියා වල යථාර්ථය. එහෙ රැකියා වලට සිංහල කාන්තාවෝ ගිහිල්ලා වෙන්නේ යහපතට වඩා අයහපතක්.යනවා නම් වෙන රටකට ගියා නම් පණපිටින් එන්න හරි පුළුවන්.සෞදි යනවා නම් නැවත එන ආශාව අත්හැරලා ජීවිතේ ඉතුරුටික ගෙවාගන්න යන්න (නි)
ඒ උනාට අපිට රුපියල් 20,000 ක් දුන්නත් ගෙදර අත් උදව්වට ගැහැණු කෙනෙක් සොයාගන්න බෑ. මේ මිනිස්සු පිටරටවල ගිහින් සුළු වැටුපකට දුක් විදිනවා. (නදී)
ඇයට යම්කිසි නරක කාලයත් තිබිලා එය ගෙවා හමාර කරන්න ඇති (නි)
මෙහෙම අසරණ වී ඇති තවත් කාන්තාවන් කොපමණ ඇද්ද? (නි)
මේක හරියට වසර 13ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් වගේ. මෙහෙ ගෙවල් වල පැය 24 ම වුණත් වැඩ කරන්න සූදානමින් ඉන්න ඕනෑ. විදේශ සේවා එකෙන් මේ අය ගෙදර යවන එක හරිද? මෙහෙම කරදර වෙන අයට සරණ වෙන්න මේ අරමුදල් යොදවනවා නම් පිනක්. (නි)
මෙවැනි කාන්තාවන් ගැන සොයාබැලීමට යම්කිසි ක්‍රියාමාර්ගයක් නව රජයෙන්වත් ගන්නවා නම් හොඳයි (නි)
මේ මුදල නම් බොහොම මදි. මීටවඩා මේ ගැන සොයාබලන්න ඕනෑ (නි)
මැදපෙර දිග යන කාන්තාවන් ගැන රජය මීටවඩා වගකීමෙන් කටයුතු කළ යුතුමයි. ඔවුන්ගේ බිරිඳට , නංඟීට මෙහෙම දෙයක් වුණොත් දැනේවි. නැත්නම් හැමදාම අපේ අයට මෙහෙම තමයි. (නි)
අවුරුද්දකටම මෙච්චරද? (නි)
රියාල් 62000 ක් කියන්නේ ඒ රටේ අයගේ මාසයක සාමාන්‍ය පඩියක්. ඒක කජ්ජක් වගේ ඒ අයට.(නදී)