පෞද්ගලික රෑපවාහිනී නාලිකාවක ගී ගැයීමේ රියැලිටි තරගයකට සහභාගි වී, අවසන් දසදෙනා අතරට පැමිණි එක්තරා තරැණ කලා ශිල්පියෙක් පසුගියදා කොළඹ ජනාකීර්ණ වීදියක රීලෝඩ් කඩේකට ගොඩවුණාලු. වෙලාව සවස 8ට කිට්ටුව තිබුණ නිසාත් එදා නිවාඩු දවසක් නිසාත් ඒ වීදියේ වැඩි සෙනඟක් හිටියෙ නෑ.
ඒත් ඒ රීලෝඩ් කඩේ අසල කට්ටියක් පදමට රත් වී සෙට්වෙලා සින්දු කියනවලු.
"මචං අර... අර පොර නේද?" එහි සිටි එක්කෙනෙක් මේ තරැණ ගායකයා හඳුනා ගත්තලු.
"ආ මල්ලී එන්නකො අපිත් එක්ක සෙට්වෙලා සින්දුවක් දෙකක් කියන්න," එක් අයෙක් කිව්වලු.
"අනේ අයියේ මම හදිස්සියකට රීලෝඩ් එකක් දාගන්න ආවේ. වෙන වෙලාවක එන්නම්කො," කොල්ලා කිව්වෙ එතනින් ෂේප්වෙලා යන අදහසින්.
"අනේ යන්න මල්ලි යන්න... අපි ඔයාට SMS ගහලා අපේ සල්ලි නැති කරගත්තා. දැන් ඔයා අපිට කොකා පෙන්නනවනෙ. ආපහු එන්නකො අපිත් ඔයාට සලකන්නම්," කියලා හොඳටම රත්වෙච්ච කෙනෙක් කොල්ලට කිව්වලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd