ස්නායු රෝගීන්ට ලබාදෙන බෙහෙත් කරල් පාසල් සිසුන්ට අලෙවිකළ කළුතර, මග්ගොන ප්‍රදේශයේ ෆාමසියක් වටලා එහි අයිතිකරු හා සේවකයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිසිය හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීහු උපාය දූතයකු මාර්ගයෙන් වැටලීම සිදු කර ඇති අතර එම කරල් මත්වීම සඳහා පාසල් සිසුන් මිලදීගෙන ඇතැයිද සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි. බරපතල ස්නායු රෝගීන්ට ලබාදෙන මෙම ඖෂධ කරල් සමග වෙනත් යමක් මිශ්‍ර කර පාසල් සිසුන් මත්වීම සඳහා භාවිතා කර ඇතැයි කියති.
වෛද්‍ය නිර්දේශයකින් තොරව මෙම පෙති භාවිතා කිරීමෙන් භයානක ප්‍රතිඵල ඇතිවිය හකි බව වෛද්‍යවරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුකරණය කරමින් යම් යම් දේවල් අත්හදා බැලීම ළමුන්ගේ විශේෂ ලක්ෂණයක්.අපේ රටේ අපරාධ වැඩිවීමට හා වංචා දූෂණ වැඩිවීමට වගේම ළමා පරපුර නොයෙක් නරක දේවලට පෙළඹීමට ප්‍රධාන කාරණයක් තමා සිදුවීමකට අදාළ මූලික සිද්ධාන්තය එලසම ඉදිරිපත් කිරීම.පසුගිය දික මම පුවත්පතක් ගෙන නිවසට ගොස් ළමයකු ජීවිතය නැති කරගෙන තිබුන කොටස ඉරලා තමා ළමුන්ට බලන්න දුන්නේ.ඒවා ළමුන් දුටුවිට අනුකරණය කිරීමට යාම අතිභයානකයි. (නි)
මොවුන්ට දඬුවම් කළයුත්තේ ජිවිත වැනසීමට සිතාමතාම ක්‍රියාකළවුන් සේ සැළකීමෙනි. (නි)