අරණායක සාමසර කන්ද නාය ගොස් අදට දින 14 කි. නාය යාමෙන් අවතැන් වූවන් රැඳී සිටි පාසල්හි අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කර ඇත. සාමසර කන්ද ආසන්නයේම ඇති හත්ගම්පොළ මහා විද්‍යාලයේ ළමෝ 11 දෙනකු අතුරුදන් වී ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ සිරුරු හමුවී ඇති බවත් අරණායක ආරංචි මාර්ග කියයි. මෙම පාසලේ ළමයින් 20 දෙනෙකුගේ පමණ නිවාස නාය යාමට ලක්ව ඇති බවත් ඔවුන් අද සාමාන්‍ය ඇඳුමින් පාසල් පැමිණි බවත් වාර්තා වෙයි.
අතුරුදන් වූ ළමුයින්ගේ ඡායාරූප සහිත බැනරයක් පාසල ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇත.ඔවුන්ගේ පාසල් සගයෝ එතැනින් යන හැම අවස්ථාවකම ඒ දෙස බලා සුසුම් හෙළති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලවත් ශෝකය ප්‍රකාශ කරමි (ම)
බලවත් ශෝකය (ම)
මතුසංසරේ මෙවන් විපතක් නොවේවා.! (ර)
ඔබ සැමට නිවන්සුව පතන අතර මෙවන් අකල් මරණයකට මතු පත්නොවේවා (ම)
බලවත් ශෝකය ප්‍රකාශ කරමි (ම)
භාවගමන කෙටි වේවා. අජරාමර නිවන්සුව දැනේවා (බ)
පවු අහිංසක පොඩි ළමයි (නි)
බුදුන්ගේ දේශය තුළ තවත් මෙවන් අවාසනාවන්ත සිදුවීම් යළිත් ඇති නොවේවා! (නි)
හදිසි විපතින් මෙලොව හැර ගිය සියලුම දරුවන් හා වැඩිහිටියන් හට අමා මහ නිවන් සුවයට මඟ සැලසේවා ! (ර)
සසර වසනාතුරු මෙවන් අකල් මරණයන්ට ගොදුරු නොවේවායි පතමි! (නි)
මියගිය සියලුම දෙනාට නිවන් සුව.! (ර)
නොනිමෙන සසරේ ඔබට කොහේ හෝ වෙර දෙන්න අැති.(හේ)