අරණායක සාමසර කන්ද නාය ගොස් අදට දින 14 කි. නාය යාමෙන් අවතැන් වූවන් රැඳී සිටි පාසල්හි අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කර ඇත. සාමසර කන්ද ආසන්නයේම ඇති හත්ගම්පොළ මහා විද්‍යාලයේ ළමෝ 11 දෙනකු අතුරුදන් වී ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ සිරුරු හමුවී ඇති බවත් අරණායක ආරංචි මාර්ග කියයි. මෙම පාසලේ ළමයින් 20 දෙනෙකුගේ පමණ නිවාස නාය යාමට ලක්ව ඇති බවත් ඔවුන් අද සාමාන්‍ය ඇඳුමින් පාසල් පැමිණි බවත් වාර්තා වෙයි.
අතුරුදන් වූ ළමුයින්ගේ ඡායාරූප සහිත බැනරයක් පාසල ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇත.ඔවුන්ගේ පාසල් සගයෝ එතැනින් යන හැම අවස්ථාවකම ඒ දෙස බලා සුසුම් හෙළති.








COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.