අවිධිමත් පත්වීම් නතර කරන ලෙසත් උසස්වීම් හා අතිකාල දීමනා විධිමත් කරන ලෙසත් ඉල්ලමින් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (21) කෑම පැයේ උද්ඝෝෂණයක් ඇරඹූහ.

මෙම උද්ඝෝෂණය නිසා ඇස්වාට්ටුව - බොරැල්ල පාරේ වාහන තදබදයක්ද ඇතිවිය.

සංගමයේ සභාපති අජිත්.පී.තිලකරත්න පැවසූයේ සතියකින් ඉල්ලීම් නොලැබුණහොත් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

DSC_0659 DSC_0670 DSC_0706 DSC_0714