(ටී.කේ.ජී.කපිල)

ජපානයේ නිපෝන් ඩොනේෂන් පදනමත් , මාරු ව්‍යාපෘතිය සහ එරට ව්‍යවසායකයන් පිරිසක් එක්ව රුපියල් මිලියන 10 ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් සහ ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් සහිත පාසල් 100 ක් සදහා පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය උපකරණ තොගයක්  කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේය.

මෙම වැඩසටහන ජපානයේ කීර්තිමත් ව්‍යවසායකු වන යූමා මුරනුෂි මහතා විසින් සංවිධානය කර තිබේ .

මෙම පරිත්‍යාගයන් රැගත් 11 දෙනෙක්ගෙන් යුතු ජපාන දූත අද සවස  ජපානයේ නරීටා සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

මෙම පිරිස මෙම පරිත්‍යාග සිදු කිරීමෙන් අනතුරුව , ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් පිළිබඳව ද රජයේ උසස් මැතිඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය .