රජයේ ඖෂධ සංයෝජක නිලධාරින්ට ලැබිය යුතු රුපියල් 3000 ක දිමනා ඇතුළු වෙනත් දීමනා මේ දක්වා ලබා නොදිමට විරෝධය පළ කරමින් සඳුදා (29) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කරන බව රජයේ ඹෙෂධ සංයෝජක නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක එම්.එම්. එස්. බංඩාර මහතා කියයි.
එකම සුදුසුකම් හා එකම පුහුණුව ලැබු හෙද, පරිපුරක, අතුරු වෛද්‍ය සහ ඖෂධ සංයෝජක නිලධාරින් ගේ සේවාවන් සමාන්තර සේවා බවත් අදාළ වැඩිකළ දීමනා අනෙක් පිරිසට මෑතකදී ලබාදුන් බවත් ඔවුන් හා සමාන සේවාවක් කරන ඖෂධ සංයෝජක නිලධාරින්ට මේ දක්වා දීමනා ලබානොදීම මෙම වර්ජනයට හේතුව බවත් ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් හා අමාත්‍යවරයා සමග සාකච්ඡා කළද යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd