
(අංජුල මහික වීරරත්න)
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ඖෂධ මිල වැඩි කිරීමට ඖෂධ සැපයුම් කරුවන් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අද (22) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව කී අමාත්‍යවරයා වැදගත්කම දේ වන්නේ ගුණාත්මක ඖෂධ අඛණ්ඩ සැපයුම බවත් ඒ වෙනුවෙන් රජය මුදල් වියදම් කරන බවත් සඳහන් කළේය.
යුදමය තත්ත්වය නිසා ලංකාවට ඖෂධ හිඟයක් ඇති වීමේ අවදානමක් නැතැයි ද ප්‍රමාණවත් ඖෂධ සංචිත රඳවාගෙන තිබෙන්නේ යැයි ද අමාත්‍යවරයා කීය.
"ඖෂධ සැපයුම සැලකිය යුතු මට්ටමකට ස්ථාවර වෙමින් තියෙනවා.ඖෂධ සඳහා මුදල් ගෙවීමට තිබූ ප්‍රමාදය අප නිරාකරණය කර තිබෙනවා.ඖෂධ නීතිගත සංස්ථාවේ ටෙන්ඩර් ක්‍රියාවලිය විධිමත් කර තිබෙනවා.මේ වන විට ඖෂධ ලැබෙමින් පවතින අතර ඒ ක්‍රියාවලිය සියයට සියයක් සම්පූර්ණ වීම සඳහා තව මාස කීපයක් ගත වේවි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd