( ෂේන් සෙනෙවිරත්න )

ඖෂධ අධිමත්‍රාවක් ගත් බවට සකසහිතව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පෙරදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්යවරයකු මියගොස් ඇති බව පොලිසිය කියයි .

එසේ මියගොස් ඇත්තේ බී. එල්. පීරිස් (60) නමැති මහාචාර්යවරයෙකු වන අතර මහාචාර්යවරයාගේ බිරිඳ ද පෙරදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ සේවය කරන්නියක බවද පැවසේ .

මහාචාර්යවරයා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පැවසිය හැකි බව පේරාදෙණිය පොලිසිය කියයි .