(රංජන් කස්තුරි)
ශීතකරණ, වායු සමන යන්ත්‍ර ඇතුළු මොන්ට්‍රියල් සම්මුතියේ සඳහන් ඕසෝන් ප්‍රහීනකාරක සහිත උපකරණ කාණ්ඩයට අයත් භාවිත කළ හෝ අලුත්වැඩියා කළ උපකරණ ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
අධි ශීතකරණ, තාප පොම්ප ඒකක, ජල සිසිලන , අයිස් නිෂ්පාදන යන්ත්‍ර, වාහන අධිශීතකරණ හා බහාලුම් ද ඒ අතර වෙයි.
මීට අමතරව ගෝලීය උණුසුම් විභවය 100 අගය සහ ඕසෝන් ප්‍රහීනකාරී විභවය 0.03 ඉක්මවන හයිඩ්‍රොක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් රසායනිකය භාවිත කරමින් නිපදවන ලබන උපකරණ හෝ උපාංග ලබන 2018 වසරේ ජනවාරි 01 සිට ශ්‍රී ලංකාවට ආනයනය කිරීම, නිපදවීම හා එකලස් කිරීම තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රජයත් මීට පියවරක් ගන්නවා නම් හොඳයි.
හොඳ දෙයක්.