(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබන මස මුල ආරම්භ වන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ යෝජනාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර තිබේ.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජූනි මස 7 වැනිදා ආරම්භ වන තරගාවලියට විස්සයි 20 තරග තුනකින් සහ එක්දින තරග පහකින් ඇතුළත් වන අතර එහි විස්සයි20 තරග රාත්‍රී කාලයේ ද, එක්දින තරග දිවා රාත්‍රී තරග ලෙස ද පැවැත්වේ
.එම තරගවලට විදුලිය ලබාදීම සඳහා ඩීසල්වලින් ක්‍රියාත්මක වන විශාල ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍ර පාවිචිචි කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2500 වසර තිස්සේ වංශෙ කබල් ගාන ලාංකිකයින්ට නැති සදාචාරයක් ඕස්ට්‍රේලියානුවන්ට තියෙනවා කියලා දැන්වත් දැනගනිල්ලා...
දිවාරාත්‍රී තරගවලට අපි අකමැතියි. අපිට ක්‍රිකට් එපා. ගෙදර දරුවන්ට පාඩම් කරන්න, උයාගෙන කන්න, විදුලි බලය දෙන්න.. ඒක වැදගත්. ක්‍රිකට් ගහලා හම්බ කරන සල්ලි වලට වැඩිය...
සිහි බුද්ධියෙන් පුවත කියවන අයට නම් පෙනෙන්නේ 2500ක වංශය කෙසේවෙතත්, සිංහල හරියට නොතේරෙන අයත් මෙහි පුවත් කියවන බවකි.
ලැජ්ජාවේ බැහැ. අපිත් දැන් සිම්බාබ්වේ වගේ තමයි. මේ කාලකණ්ණි ආණ්ඩුව අපිව පත්කරපු තැන...
ෆයිරූස් මහත්තයාගේ ගෙදර ප්‍රශ්නයක් වුණත්, දෙකක් නෑ දාන්නේ ආණ්ඩුවට...
ක්‍රිකට් ඕනෙම නැහැ දැන්. සල්ලි විනාශ නොකර හිටපල්ලා. හොඳට තිබුණු ක්‍රිකටුත් කෑවෙ නුඹලාම තමයි. දැන් මුකුත් එපා. අඩුගානේ පාඩුවේ හිටපල්ලා.
ඒවා අහන්න ඕන නෑ. ඔවුන්ගේ මතය වෙනුවට මේ තීරණාත්මක අවස්ථාවේ අපි ක්‍රීඩා කළ යුත්තේ දිවා තරග පමණයි. මුල් දිනවල පමණක් දිවා තරග පැවැත්වූයේ ඇයි දැන් බැරි ?